May 02, 2024

"නාට්‍ය ඉවර වූ පසු මා අවධි කරන්න" - විවාහක රූ රැජිණ කිරුළ ගැන දිනක්ෂි කතා කරයි!

February 11, 2022

පසුගිය කාල වකවානුව පුරාවටම සමාජ මාධ්‍යයේ වගේම සමාජයේ දැඩි කතා බහක් ඇති වූ මාතෘකාවක් තිබුණා.

ඒ තමයි විවාහක රූ රැජිණ කිරුළ.

මේ කිරුළ මුලින්ම ලැබුනේ පුෂ්පිකා ද සිල්වා ට.

නමුත් විවාහක රූ රැජින කැරලයින් ජූරි සහ චූලා පුෂ්පිකා ගෙන් එම කිරුළ ප්‍රසිද්ධියේ ගලවා දෙවැනි ස්ථානයට පත් වූ තරුණියට පිරිනැමුවා.

පසුව චන්දිමාල් ජයසිංහ විසින් නැවතත් ඇයට එම කිරුළ ලබා දීමට කටයුතු කළා.

ඒ එදා ඇවිලුනු ගින්න තවම ඇවිලෙනවා.

අපි එහෙම කියන්නේ මෙන්න මේ නිසයි.

ජාත්‍යන්තර විවාහක රූ රැජිණ නියෝජනය කරන්න පුෂ්පිකා ගියා.

එහිදී ඇයට ජයග්‍රහණයක් හිමි නොවීම ගැන ඇය නොයෙකුත් කතා සමාජ මාධ්‍ය ඔස්සේ කියන්න ගත්තා.

විටෙක ඇය කිව්වා රෝසි සේනානායක ගිය නිසා ඇයගේ කිරුළ අහිමි වුණා කියලා කිව්වා.

ඒ වගේම කිව්වා චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් කුමන්ත්‍රණයක් කලා කියලා.

ඒ කොහොම වුණත් මේ වෙනකොට චන්දිමාල් පුෂ්පිකාට ලැබුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය අවලංගු කිරීමට කටයුතු කලා.

එවැනි කතාබහක් ඇති වී ඇති පසුබිමක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වගේම කලාකරුවන් ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණා.

මේ අතර අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

එහි සඳහන් ව තිබුණේ "නාට්‍ය ඉවර වූ පසු මා අවධි කරන්න" යනුවෙනුයි.

එම සටහන පහතින්, 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 February 2022 21:11