April 30, 2024

පුෂ්පිකාව මෙහෙය වන්නේ මෙන්න මේ දේශපාලඥයා - අනියම් සම්බන්ධතාවයක් ගැනත් චන්දිමාල් කියයි

February 11, 2022

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වාගේ සිදුවීම පසුපස අමාත්‍යවරයෙක් සිටින බව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කමිටුවේ අධ්‍යක්ෂකවරයා වන චන්දිමාල් ජයසිංහ මහතා පවසනවා.

ඔහු හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් බවයි චන්දිමාල් කියා සිටියේ.

අදාල හිටපු අමාත්‍යවරයා සහ ඇය අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බවද එහිදී අනාවරණය වුණා.

පුෂ්පිකාගේ සියලු වියදම් දරන්නේ ඔහු විසින් බවයි චන්දිමාල් පවසා සිටියේ.

එම දේශපාලඥයා මෙලෙස කටයුතු කරන්නේ රෝසි සේනානායක මහත්මියගෙන් පළි ගැනීමට බවයි චන්දිමාල් පවසන්නේ.

මිසිස් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් සංවිධායකයින් සමග සාකච්ඡා කොට පුෂ්පිකාගේ කිරුළ ගැලවීමට කටයුතු කළ බව ද ඔහු සඳහන් කළා.

පුෂ්පිකා ද සිල්වා ලෝකයේ ජීවත්වන වැදගත් කාන්තාවන්ට දොස් නගන බව ද ඔහු ප්‍රකාශ කළා.

කිරුළක් හිමි කාන්තාව බොහොම වැදගත් කාන්තාවක් බවත් මේ රටේ එවැනි කාන්තාවන් බොහෝ දෙනෙක් ජය පරාජය විදගනිමින් සිටින බවත් ඔහු අවධාරණය කළා.

පුෂ්පිකා විසින් සිදුකරන පදනමක් නැති ප්‍රකාශ ප්‍රාථමික දරුවෙක්වත් කතා නොකරන ප්‍රකාශ බව ද චන්දිමාල් මහතා සදහන් කළා.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේ.

Rate this item
(7 votes)
Last modified on Friday, 11 February 2022 11:56