May 17, 2024

සුළඟින් විදුලිය දෙන්න සුපිරි ක්‍රමයක් මාතර කැළුම් සොයා ගනී - වැය වන්නේ ලක්ෂ 05යි (VIDEO)

February 23, 2022

මෙරට තුළ විදුලිය උත්පාදනය කරන්නේ ජල, ඉන්ධන සහ සුළං ඇතුළු ප්‍රභවයන් යොදා ගනිමින්.

මහා පරිමාණ ලෙස සුළං මඟින් විදුලිය උත්පාදනය කරන බලාගාරවලට වඩා අඩු පිරිවැයකින් විදුලිය උත්පාදනය කළ හැකි මෙම නිර්මාණය සිදු කර තිබෙන්නේ මාතර වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ තරුණයෙක්.

ඔහු නමින් කැළුම් රාජසිංහ.

මේ සඳහා ජාත්‍යන්තර පේටන් බලපත්‍රය ද තමා සතු බවයි ඔහු පවසන්නේ. 

මෙරට ස්ථාපිත කර තිබෙන මහා පරිමාණයේ සුළං බලාගාර වලට වඩා ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වන මෙම බලාගාරයට වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 05ක් පමණයි.

මෙරට සුළං බලාගාර වලට ගිය මුදලින් 10න් 01ක පමණ මුදලක් ඊට වැය වීමද විශේෂත්වයක්.

දැනට පවතින විදුලි අර්බුධයට මාස කිහිපයක් ඇතුළත මෙම බලාගාරයෙන් විසඳුම් ලබා දිය හැකි බවයි කැළුම් පවසන්නේ.

May be an image of 1 person and text that says 'TWIN ROTOR TURBINE WIND MILL FOR LOW WIND SPEEDS INTERNATIONAL PATENT BY INVENTOR KELUM WADASINGHE'

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 February 2022 17:09