අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශයේ ඇති කිතුල් හිටියාව සහ රාමදගල යන මෙම ගම්මාන ස්වභාව සෞන්දර්යයෙන් අනූන ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ගම්මාන දෙකක්.
එහි පිහිටා ඇති මෙම ස්වභාවික ජල උල්පත ප්‍රදේශයේ වෙසෙන පවුල් 20,000කට පමණ පානීය ජලය මෙන්ම වගා කටයුතු සඳහා ද ජලය සපයන ප්‍රධාන ජල මුලාශ්‍රයක්.
පරම්පරා හතරක් තිස්සේ දැනට භාවිත කරමින් සිටින මෙම ජල උල්පත මිනිසුන්ගේ පමණක් නොව වනාන්තරයේ සිටින සතා සිව්පාවාගේ පවා පවස නිවන්නට සමත් වී තිබෙනවා.
කලක් තිස්සේ පවතින වන අලි ගැටලුවට විසඳුමක් ලෙස කිලෝමීටර් 6කට වැඩි දිගකින් යුත් අලි වැටක් ලබා දීමට පාලන අධිකාරිය විසින් කටයුතු කර ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මතයි.
එම අලි වැට හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ගැටලුවට ප්‍රමාණවත් විසඳුමක් ලැබී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
එසේ තිබියදිත් මේ කිතුල් හිටියාව සහ රාමදගල ගම්මාන යා කරමින් කිලෝමීටර් තුනක් දුර අලි අඟලක් ඉදි කිරීම සඳහා ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ උපදෙස් මත මේ වන විට වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ අඩි 10ත් 15ත් අතර ගැඹුරකට මෙම අලි අඟල් කැපීම සඳහා මේ වන විට ආරම්භ කර ඇති බවයි.
කෙසේවෙතත් මේ හරහා ප්‍රදේශයේ ස්වාභාවික ජල උල්පත් රැසක් විනාශ වන බවයි ගම්වාසීන් පවසන්නේ.
ප්‍රදේශයේ ජල මුලාශ්‍ර පමණක් නොව පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති නටඹුන් පවා මෙම අලි අඟල් ඉදි කිරීම හරහා විනාශ වන බව ප්‍රදේශවාසීන් පවසනවා.
ප්‍රදෙශ්වාසීන්ගේ විරෝධතා ද නොසලකා මෙම අලි අඟල ඉදි කිරීම සඳහා දේශපාලන අධිකාරිය මැදිහත් වීම මත උත්සාහ දරන්නේ බොරළු කැපීමේ ජාවාරමක් සිදු කරගෙන යාමේ අරමුණින් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව මධ්‍යයේ අලි අඟල ඉදි කිරීම තාවකාලිකව නවතා දමා ඇතත් එහි වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් උත්සාහ ගනිමින් සිටිනවා.
නමුත් ප්‍රදේශවාසින් ඉල්ලා සිටින්නේ අනාගත පරපුර වෙනුවෙන් රැකගත යුතු උරුමයන් සහ ස්වභාවික සම්පත් විනාශ කරමින් සිදු කරන මෙම අලි අඟල කැපීම වහාම නවතා දමන ලෙසයි.