April 27, 2024

මධ්‍යම අධිවේගයේ මසෙක ආදායම කෝටි 10 පනී

February 23, 2022

ඇතුගල්පුර පිවිසුමේ පලමු මාසය තුල රථවාහන ලක්ෂ 5කට අධිකව ගමන් කිරීමෙන් කෝටි 10කට අධික ආදායමක් උපායාගෙන තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පලමු මාසය තුල මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස තුල වාහන ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ධාවනය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් කෝටි 10කට අධික ආදායමක් උපයා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පසුගිය ජනවාරි 15 වන දින මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පලමු පැය 12 තුල ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.

පසුගිය ජනවාරි 16 වන දින දහවල් 12.00 පසුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරුණා.

පසුගිය ජනවාරි 16 වන දින සිට පෙරේදා (21) අතර කාලය තුල රථවාහන 510,670 ක් මෙම මාර්ගයේ ධාවනය කර ඇති අතර එම රථවාහන ගමන් කිරීමෙන් රු 109,659,600.00ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථාන වල මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ අන්තර්හුවමාරු මධ්‍යස්ථාන පිහිටා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 February 2022 13:43

Related items