May 10, 2024

සැඟවුණු වෙලුම් එළියට දැමීමේ ඉලක්කය හිටපු ජනපතිද?

February 23, 2022

2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විශේෂ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළේ 2021 පෙබරවාරි 23දා.

එසේ ඉදිරිපත් කළ වාර්තාවට ජනපති කොමිසන් සම්පූර්ණ වාර්තාවේ ඉතා වැදගත් වෙළුම් කිහිපයක් ඇතුළත්ව තිබුණේ නැහැ.

සැඟවු වෙළුම්

එම වෙළුම් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අති බහුතරයක් බොහෝ අවස්ථාවල ඉල්ලා සිටියා.

ජනපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද කීප වතාවක්ම රජයට දැනුම් දුන්නා.

ජනපතිවරයාගේ උපදෙස් වලට අනුව මෙතෙක් ඉදිරිපත් කොට නොතිබූ වෙළුම් ඉකුත් 22 දින පාර්ලිමේන්තුවට ලබා දුන්නා.

ඒ ජනපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා විසින්.

ජනපතිගේ මතය

පාස්කු ඉරුදින සිද්ධියෙන් පීඩාවට පත් ජනතාවට , ඔවුන්ගේ ඥාතීන්ට මෙන්ම සමස්ත රටවැසියාට මේ ගැන දැනගැනීමේ අයිතියක් තිබෙන බව ජනපතිවරයා පිළිගන්න බවයි ඔහු සඳහන් කරන්නේ.

අලුතින් ප්‍රසිද්ධියට පත් කළ වෙළුම් වල තිබෙන තොරතුරු සහ වෙනත් තොරතුරු උපයෝගී කරගෙන පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අලුතින් නඩු පැවරිය හැකි බවද රෝහණදීර මහතා අනාවරණය කරනවා.

එසේ නඩු පැවරීමේ දී හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිව වුවද නඩු පැවරිය හැකි බව පෙන්වා දෙන රෝහණදීර මහතා එය කළ යුත්තේ නීතිපතිවරයා විසින් බවත් සඳහන් කරනවා.

May be an image of 2 people and people standing

May be an image of 2 people, people sitting and people standing

May be an image of text that says 'Final Report Presidential Commission of Inquiry to Investigate and Inquire into and Report oT Fake Necessary Aετίon on the Bomb Attacks on 21호 April 2019 Volume 2-II-e Evidence (Part Open Part in Camera) 31st January 2021'

No photo description available.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 February 2022 11:55