April 20, 2024

මාදුගඟේ දිරච්ච පාලම වෙනුවට අලුත් පාලමක්

ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ වැඩසටහන යටතේ බෙන්තර ගඟ හරහා ඉත්තෑපාන සහ හොරවල යාකරමින් ඉදිකිරීමට යෝජිත නව පාලම සහ බලපිටිය ප්‍රදේශයේ මාදු ගඟ හරහා ඉදිකිරීමට යෝජිත නව පාලම් ද්විත්වය සඳහා මුල් ගල් තැබීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) සිදු කෙරිණි.

බලපිටිය ප්‍රදේශයේ මාදු ගඟ හරහා ඉදිකිරීමට යෝජිත නව පාලම් ද්විත්වයේ පළමු පාලමේ දිග මීටර් 330.5 ක්. පළල මීටර් 4.8 ක්. දෙවන පාලමේ දිග මිටර් 49.55 ක්. පළල මීටර් 4.8 ක්.

මෙම පාලම් දෙක සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 975.9 ක් වෙනවා. මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව ( SD&CC ) මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. මාස 24ක් ඇතුලත මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇත.

බෙන්තර ගඟ හරහා ඉත්තෑපාන සහ හොරවල යාකරමින් ඉදිකිරීමට යෝජිත නව පාලමේ දිග මීටර් 133.2 ක්. පළල 10.4 ක්. මෙම පාලම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 590.7 ක මුදලක් වැය කෙරෙනවා.

මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව ( SD&CC ) මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. මාස 24ක් ඇතුලත මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබෙනවා.

Rate this item
(0 votes)

Related items