April 26, 2024

ලංකාවේ පළලම පාලමේ වැඩ අප්‍රේල් අවසන්

ලංකාවේ පළලම පාලම වන පාමංකඩ මංසන්දියේ ඉදිවන පාලමේ වැඩ අප්‍රේල් වන විට අවසන් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කොළඹ හොරණ 120 මාර්ගයේ ඉදිකරන පාමංකඩ නව පාලම හේතුවෙන් නිවාස අහිමිවන පවුල් වෙනුවෙන් ලබා දෙන නව නිවාස වල යතුරු භාර දීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

පාමංකඩ නව පාලම ඉදිකිරීම වෙනුවෙන් නිවාස ඉවත් කරනු ලබයි.

මෙසේ ඉවත් කරනු ලබන නිවාස වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඉදිකල කොළඹ 05 කාලිංග මාවතේ කොළොම්තොට සරසවි උයනේ නිවාස ලබා දීම සිදු කෙරුණා.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා,

"ශ්‍රී ලංකාවේ පළලම පාලම හැදෙන්නේ පාමංකඩ හන්දියේ. මෙම පාලමේ පළල මීටර් 44ක් වෙනවා. පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වෙද්දී මේකේ වැඩ අවසන් කරන්නයි අපි බලාපොරොත්තු වුණේ. නමුත් ඒ සැලසුම්වල යම් යම් වෙනස්කම් සිද්ධ වුන නිසා අපෙන් තවත් අමතර දින 90ක්‌ ඉල්ලා තිබෙනවා. ඒ අනුව මාර්තු මාසේ 31 වෙද්දී අපි මෙහි සම්පුර්ණ වැඩ නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉතාමත් විශාල රථවාහන තදබදයක් තිබුනෙ. මාර්ගයේ එහා කොටස හදලා අපි විවෘත කලා. එළඹෙන සිංහල අවුරුද්දට කලින් ලංකාවේ පළල්ම පාලම හැටියට මේක ජනතාවගේ පහසුව වෙනුවෙන් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙතන ඉදිකිරීම් නිසා නිවාස 8ක්‌ අහිමි වුණා. ඒ හැම පවුලකටම අලුත් ගෙවල් හදලා අද යතුරු බාර දුන්නා."

අපි මේ සංවර්ධන කටයුතු කරන්නේ ජනතාව එක්ක ඉතාමත් සුහදශීලීව. ජනතාව පාරට බස්සන සංවර්ධනයක් අපේ නෑ. අපි ඔවුන්ට නිවාස ලබා දෙන්න පොරොන්දු වුණා. මේ අපි හිටගෙන ඉන්නේ ඒ නිවාස තිබුණු භුමියේ. මාත් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාත්, ඉන්දික ඇමතිතුමාත් අද බාර දුන්නේ අලුතින්ම ඉදි කරපු ඒ නිවාසවල යතුරු. ඉතාමත් අමාරු කාලයක් වුනත් අපි සංවර්ධනය නතර කරලා නෑ. අපි ඉදිරියට යනවා. සෞභාග්‍යයේ දැක්මෙන් මේ රට හදන්න, සංවර්ධනය කරන්න, මාර්ග පද්ධතිය, යටිතල පහසුකම් දියුණු කරන්න, සෞඛ්‍ය සේවය දියුණු කරන්න වගේම වැටුණු ආර්ථිකය දියුණු කරන්න අපේ ජනාධිපතිතුමා පොරොන්දු වුණා. අමාරු කාලයක් වුනත් ඒ හැමදේම ඉටු කරන්න තමයි රජය මහන්සි වෙන්නෙ. අපි කොවිඩ් නිසා කිසිම දෙයක් කරන්න බෑ කියලා හැංගිලා ඉන්න ආණ්ඩුවක් නෙවෙයි. ජනතාවට පොරොන්දු උන විදියට, මොන බාධක තිබුනත්, ආර්ථික ප්‍රශ්න තිබුනත් රටේ සංවර්ධනය කිසිසේත්ම නතර කරන්න අපි සුදානම් නෑ. මේ තියෙන ප්‍රශ්ණ තව මාස කීපයකින් අවසන් වෙයි කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා."යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 March 2022 13:52

Related items