February 10, 2025

කුරුණෑගල ජනතාව පාරට බසී - ජොන්ස්ටන්ගේ කාර්යාලයත් වටලයි

වත්මන් ආණ්ඩුවට විරුද්ධව පැවැත්වෙන උද්ඝෝෂණයක් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල කාර්යාලය අසල පැවැත්වුණා.

මේ අතර පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස්නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුව ඇතුළට යන්නත් එළියට යන්නත් අයිතියක් පවතින බවත් යම් හෙයකින් කථානායකවරයාට මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව දෙන්නට බැරි නම් ඊට මුහුණ දීමට තමන්ට ශක්තියක් ඇති බවත් ඔහු අවධාරණය කළා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 06 April 2022 19:17
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449