February 10, 2025

කොහුවල ගුවන් පාලමේ වැඩ අවසන් කරන්න ඇමති ජොන්ස්ටන් දින දෙයි

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලෙස හංගේරියානු රටේ මූල්‍යාධාර මත ඉදිකෙරන මෙම කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ Peter Szijiarto මහතාගේ ප්‍රධානත්වයෙන් කොහුවල මංසංධියේ දී ආරම්භ කෙරුණා.

කොහුවල මංසන්දියේ සිට කොළඹ - හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකරනු ලැබේ.

ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ගුවන් පාලම පහලින් නුගේගොඩ - කළුබෝවිල මාර්ගය වෙත ගමන් කල හැකිය. හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම දිගින් මීටර 297ක් වන අතර පළල මීටර 9.4 ක් වනවා.

මීට අමතරව ගුවන් පාලමේ පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 4ක මාර්ගයක් ඉදිකරන අතර නුගේගොඩ කලුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීම ආලෝක සංඥා (Traffic signals) මගින් පාලනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ මගීන් කොහුවල පවතින දැඩි මාර්ග තදබදය අවම කිරීමට අපේකෂිතයි. මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 2648ක්. මෙම ව්‍යාපෘතිය මාස 22 කින් නිම කිරීමට අපේක්ෂිතයි.

එහි වර්තමාන ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේදී අද වන විට 46% ක ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ නලීන්ද රත්නායක මහතා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ලබන වසරේ ජූලි මාසය වන වැඩ අවසන් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර වැඩ කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449