April 26, 2024

සඟවාගෙන සිටි වෙළුම් දැන් ප්‍රයෝජනවත් බෝතල් පත්තරකාරයින්ට: විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

February 23, 2022

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිෂන් වාර්තාවේ මෙතෙක් සඟවාගෙන තිබුණු වෙළුම් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදහස් දැක්වූවා.

වෙළුම් ලබාදීමේ හේතුව

මේ සඟවා සිටි වෙළුම් ලබාදීමට තිබුණෙ මීට වසරකට පමණ පෙර බවයි.

දැන් මෙසේ මෙම වෙළුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන්නේ ආණ්ඩුව ඇඟ බේරා ගැනීමේ අදහසින් බවටයි ඔහු චෝදනා කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරාඒ
නඩු වලට අදාල විත්තිකරුවන් නිදහස් කොට නිදොස් කොට තිබෙන මේ අවස්ථාවේ මෙම වෙළුම් ඉදිරිපත් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බව ඔහු සඳහන් කරනවා.

වාසිය අත්වීම

මේ අවස්ථාවේ මේ වෙළුම් ඉදිරිපත් කිරීමෙන් වාසිය හිමි වන්නේ විවිධ භාණ්ඩ කඩදාසි කොල එකතු කරන බෝතල් පත්තරකාරයින්ට පමණක් බවද කිරිඇල්ල මහතා මතක් කර දෙනවා.

මෙම සිද්ධියේදී නීතිපතිවරයා නඩු දාන්නේ තෝරා බේරා ගත් පිරිසකට අනුව බවට චෝදනා කළේ කිරිඇල්ල මහතා ආණ්ඩුවට හිතවත් අයට විරුද්ධව ප්‍රධාන බවද සඳහන් කරමින්.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ ජනපති කොමිසම් වාර්තාවේ තෝරාගත් නෙළුම් රාශියක් 2021 පෙබරවාරි 23 දින ජනපතිවරයා පාර්ලිමේන්තුවට ලබා දුන්නා.

එසේ ලබා නොදුන් වෙළුම් ඊයේ (22) ජනපතිවරයාගේ උපදෙස් මත කථානායකවරයාට ලබාදී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 February 2022 13:27

Related items