April 27, 2024

සමගි ජන බලවේගය අදත් බැසිල් හොයයි : ආණ්ඩුවෙනුත් දැඩි ප්‍රතිචාර

November 15, 2021

මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්මෙන් තිබෙන්නේ 2022 අය - වැය විවාදයයි.

එසේ විවාද වන අය - වැය ඉදිරිපත් කරන ලද්දේ මුදල් ඇමති ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින්.

විපක්ෂය සොයන ඇමති

එහෙත් ඔහු පාර්ලිමේන්තුවේ නොසිටීම පිළිබඳ විපක්ෂයේ දිගින් දිගටම ප්‍රශ්න කළා.

අය - වැය විවාදයේ පළමු දිනය වූ ඉකුත් 13 වැනි දිනද විපක්ෂය වන සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

ඒ අවස්ථාවේ ඊට පිළිතුරු දුන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගේ පිළිතුර

ඔහු සඳහන් කළේ ඒ අවස්ථා වනවිට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවක සිටින බවයි.

ඒ වගේම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේ නැති බවද ඒ අවස්ථාවේ අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අදද (15) සමගි ජන බලවේගය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අය - වැය සම්බන්ධයෙන් තමන්ට තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට ඔහු පාර්ලිමේන්තුවේ නැති බව යළිත් සඳහන් කළා.

රාජ්‍ය ඇමතිගේ උපදෙස

ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින්.

අද ඊට පිළිතුරු දීමට නැගී සිටියේ ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා.

ඔහු සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් විමසන ලෙසත් ඊට පිළිතුරු දීමට අනිකුත් අමාත්‍යවරුන් සූදානම් බවත්ය.

එනිසා බැසිල් රාජපක්ෂ මහතා සිටින්නේ කොහේදැයි සොය සොයා නොසිටින ලෙස ඔහු සමග ජන බලවේගයට දැනුම් දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 13:17