April 27, 2024

නීති ප්‍රවේශ ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් එළියට : මන්ත්‍රීගෙන් හෙළිදරව්වක් (VIDEO)

November 15, 2021

නීති ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍රය කලින්ම එළියට ඒම පිළිබඳ තොරතුරක් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේ හෙළිදරව් කළා.

එසේ එළියට පැමිණි විෂයන් තුනද මන්ත්‍රීවරයා නම් කළා.

එළියට දැමූ ආයතනය

ඔහු සඳහන් කළේ ඊයේ (14) විවෘත විශ්ව විද්‍යාලයේ පැවති නීති ප්‍රවේශ විභාගයේ සිංහල , ඉංග්‍රීසි , සහ තාක්ෂණ ප්‍රශ්න පත්තර එසේ විභාගයට පෙර එළියට පැමිණ තිබෙන බවයි.

එසේ එළියට දමා තිබෙන ආයතනයද නම් කළ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක්

ඔහු ඒ ඉල්ලීම මුදල් අමාත්‍යවරයාගෙන් කරනු ලැබුවේ ඒ අවස්ථාවේ අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු සභාවේ නොසිටි නිසයි.

එම එළිදරව්ව කරණ අවස්ථාවේ සභාවේ සිටි සභා නායක දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගෙන්ද මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 13:12

Related items