March 28, 2024

මැතිසබේ කෑම අවුලට කැටගොඩ අතදායි! පාර්ලිමේන්තු කැන්ටිම වහලා දාන්න (VIDEO)

ඊයේ(09) පාර්ලිමේන්තු ආපනශාලාවේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනකු නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි අප ඊයේ වාර්තා කළා.

එම ප්‍රවෘත්තිය තවත් මාධ්‍ය කිහිපයක්ද වාර්තා කර තිබුණා.

දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වුණා.

කෙසේ වෙතතත් ඒ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඒ ආණ්ඩු පක්ෂයේ පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතායි.

ඔහු කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ අධ්‍යක්ෂවරයා හමුවී සාකච්ඡා කළ බවත් මන්ත්‍රීවරුන් සමග කිසිදු ගැටලුවක් ඇති නොවූ බවට ඔවුන් ප්‍රකාශ කළ බවත්ය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආපන ශාලවේ දියර කිරි අවශ්‍ය ප්‍රමාණයට තිබෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

මීට පෙරද මන්ත්‍රීවරයෙකුට රුපියල් 3000ක් කෑම වේලකට වැය වෙන බවට ප්‍රවෘත්ති පළ වූ බව පෙන්වා දුන් කැටගොඩ මන්ත්‍රීවරයා එය ප්‍රජාතන්ත්‍රවාදය බරපතල තැනකට තල්ලු කිරීමේ කුමන්ත්‍රණයක් බවත් කියා සිටියා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)