April 27, 2024

පැරණි වම මුල්ම අඩිය තබයි : ලංකා සම සමාජ පක්ෂය තීන්දුවකට සූදානම්

November 14, 2021

ලංකා සම සමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම පක්ෂයේ එකම පාර්ලිමේන්තු නියෝජනය වන මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කරන ආකාරයට ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳ යෝජනාවක් පක්ෂ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉවත් වීමට හේතු

ඊට හේතුද මහාචාර්ය තිස්ස විතාන විසින් පෙන්වා දී තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රධානතම පාර්ශවය වන පොදු ජන පෙරමුණේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවන තර්ජන , ආණ්ඩුවේ මහජන විරෝධී ක්‍රියාවන් පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථා ඉල්ලා ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම මං කරුණු අතර වනවා.

ඉදිරි ගමනක් නැහැ

එම තත්ත්වය යටතේ පොදුජන පෙරමුණ ආණ්ඩුව සමග තවදුරටත් සන්ධානගතව සිටිය නොහැකි බවයි මහාචාර්ය තිස්ස විතාරණගේ මතය වන්නේ.

ලංකා සම සමාජ පක්ෂය පොදු ජන පෙරමුණ සන්ධානයේ සන්ධානගත පක්ෂයක්.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 10:07

Related items