March 29, 2024

"ජනතාව රැස් කිරීම මහා වරදක්" - රැළියෙන් දෙදිනකට පසු පොහොට්ටුව තුළින්ම ලොකු විරෝධයක්

February 11, 2022

පොහොට්ටුවේ ප්‍රහාරය පොහොට්ටුවටම

ජනතාව එක්රැස් කිරීම නිසා සිදුවන්නේ කොවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිර යාම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජිකා වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පවසනවා.

ජන ඒකරාශිය හරහා කොවිඩ් පැතිරයාම වර්ධනය වීම රටෙහි ආර්ථිකයට බලපාන බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කළේ එවැන්නක් හරහා රටෙහි ආර්ථිකය කඩාවැටීම මෙරට සියළු දෙනාටම බලපාන කරුණක් බව යි.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනතාව එක්රැස් කරමින් අනුරාධපුරයේ දී රැළියක් සංවිධානය කර තිබූ පසුබිමක එම පක්ෂයේම මන්ත්‍රීවරියක් මෙවැනි ප්‍රකාශයක් කිරීම හරහා මතුවන්නේ වක්‍රාකාරයෙන් ඇය සිය පක්ෂයම විවේචනය කරන්නේ ද යන ගැටළුව යි.

හතරබීරි පිළිතුරක්

වික්‍රමසිංහ මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ අද (11) කොළඹ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.

කෙසේ වෙතත් පසුව මාධ්‍යවේදීන් හට නිරීක්ෂණය වූයේ මන්ත්‍රීවරිය ජනතාව එක්රැස් කිරීම ලෙස හඳුන්වා ඇත්තේ සෞඛ්‍ය සේවකයින් සිදුකරන විරෝධතා පිළිබඳ බව යි.

මන්ත්‍රීවරියගේ අදාළ ප්‍රකාශයෙන් අනතුරුව “අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයට ලක්ෂ ගණනක් ජනතාව එක්රැස් කළ විට කොවිඩ් බෝ නොවන්නේ ද” යනුවෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියා.

රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීවරිය එයට ලබා දුන්නේ විශ්මය ජනක මෙන්ම “හතරබීරි” පිළිතුරක්.

ඇය ප්‍රකාශ කළේ අනුරාධපුරයේ ජන රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනතාව ඒකරාශී නොකළ බව යි.

රැළියට සහභාගීවන ලෙස කිසිදු අයුරකින් තම පක්ෂය ජනතාවට බලපෑමක් සිදු නොකළ බවත්, ජනතාව ස්ව්‍යංව සිතා රැළියට පැමිණි බවත් ඇය පවසා සිටියා.

හදිසියේ පණ ආ පසුපෙළ

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පසුපෙළ ජනතා නියෝජිතයින් හදිසියේ සක්‍රීය වීම පසුගිය දින කිහිපය තුළම දක්නට ලැබුණා.

එම පිරිස අතර තිස්ස කුට්ටිආරච්චි වැනි පිරිස් විශේෂයෙන් කැපී පෙනුණා.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ද පසුගිය දිනක අමුතුම ආකාරයේ අදහස් කිහිපයක් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළ අතර ලෝකයම පිළිකුල් කරන සමුල ඝාතකයෙකුවන ඇඩෝල්ෆ් හිට්ලර්ගේ චරිතයට පණ පෙවීමට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළේ ද පුදුම සහගත අයුරින්.

කියවන්න: ගෝඨාට ඇඟ කිළිපොලායන ඉල්ලීමක්! 

Rate this item
(3 votes)
Last modified on Saturday, 12 February 2022 09:28

Related items