April 28, 2024

පිල් මාරුව ඇරඹෙයි! රුවන් එජාපයෙන් සමගියට - මීලඟට අර්ජුනද?

November 12, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා ඉදිරි දේශපාලන කටයුතු සඳහා සමගි ජන බලවේගයට සහය ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තාවනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගය මිනුවන්ගොඩ නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකටද රුවන් රණතුංග මහතා එක්ව සිටි බව වාර්තා වනවා.

රුවන් රණතුංග මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයෙකු ද වෙයි.

ආණ්ඩුවේ අන්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගයේ මිනුවන්ගොඩ සංවිධායක චමින්ද ද සිල්වා මහතා විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබිණ.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

සිය සහෝදරයා වූ අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන ගමනට සහය පළ කරමින් රුවන් රණතුංග මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂයට එක්ව කටයුතු කළා.

අර්ජුන රණතුංග මහතාද සමගි ජනබලවේගයට එක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 10:07