April 29, 2024

රාජපක්ෂ අය වැයේ පදනම විපක්ෂය පෙන්වා දෙයි

November 13, 2021

මේ ආණ්ඩුව යන ගමන් මග ඉතා පැහැදිලි බව 2022 අය - වැය යෝජනා විවාදය ආරම්භ කරමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරනවා.

පුද්ගලිකරණය සහ රටේ සම්පත් විකිණීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කුණු කොල්ලයට විකිණීම

සෙලාන්දිවා නැමැති ආයතනයක් හරහා කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලය , විදේශ අමාත්‍යංශ ගොඩනැගිල්ල ආදී සියල්ල විකිණීමට සූදානම් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒවා කුණු කොල්ලයට වත් ලබා ගැනීමට කිසිවකුත් ඉදිරිපත් වී නැති බවයි සඳහන් කරන්නේ.

මේ වර්ෂයේ දෙසැම්බර් වන විට රටේ ආර්ථික මරමස්ථාන විකුණා දමා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක හා බිලියනයක අතර ප්‍රමාණයක් සොයා ගන්නා බව මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ මෑතකදී බ්ලුම්බර්ග් ආයතනයට ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා අනාවරණය කරනවා.

දේශහිතෛශී රාජපක්ෂ අය වැයෙන් රට යන මාර්ගය ඉතා පැහැදිලි වන බව සඳහන් කරන මන්ත්‍රීවරයා ඒ නිසා දේශපාලන හා වෘත්තීය සමිති අරගල උත්සන්න මට්ටමකට පැමිණ තිබෙන බවයි පෙන්වා දෙන්නේ.

රටේම විරෝධතාවය

මේ වන විට මුළු රටම ඇමරිකානු සමාගමට එල්.එන්.ජී ඒකාධිකාරිය ලබාදීමට විරුද්ධව සිටින බවයි මන්ත්‍රීවරයාගේ මතය වන්නේ.

ඉතිහාසයේ සිදුවූ දැවැන්තම හොරකම මෙය බව විමල් වීරවංශ අමාත්‍යවරයා සමුළුවක් තබමින් කළ ප්‍රකාශයද මන්ත්‍රීවරයා මතක් කර දුන්නා.

බංකොලොත් වෙච්ච රටකට තමන්ගේ ඩොලර් බලෙන් රුපියල් වලට මාරු කරන රටකට විදේශ ආයෝජකයෝ එන්නේ නැති බවද සඳහන් කරන මන්ත්‍රීවරයා ආණ්ඩුව කරන්න බැරිනම් බාර දෙන ලෙසද ඉල්ලීමක් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 10:07