March 29, 2024

පාර්ලිමේන්තු පොකුරේ තත්ත්වය බරපතළයි! ආසාදනය වූ මන්ත්‍රීවරු 40 පනියි!

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා කොවිඩ් ආසාදිත බවට හඳුණාගත්තේ ඊයේ (25) දිනයේ දී යි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා ද ආසාදිතයෙකු බව ඊයේ හඳුණාගත්තා.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද ආසාදිතයින් ලෙස හඳුණාගත්තා.

මෙලෙස ආසාදිතයින් ලෙස හඳුණාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරිය මේවන විට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 26 January 2022 20:21