April 25, 2024

කඩුගන්නාව මාර්ගය තවදුරටත් වසා දමයි

November 15, 2021

කඩුගන්නාව මාර්ගය තවදුරටත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව දුර්ගයේ භූමියෙහි යම් අස්ථාවර බවක් ඇති වුණා.

මේ හේතුවෙන් අංක 01 කොළඹ - නුවර මාර්ගයේ පහළ කඩුගන්නාවෙන් ගමනාගමනය සඳහා වසා දැමුණු අතර, එය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අද (15) දින තීරණයක් ගැනීමට නියමිතව තිබුණා.

ඒ අනුව, අද (15) පෙරවරුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, භූ විද්‍යා විශේෂඥයින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ භූ ගර්භ මහාචාර්යවරුන් සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක් පැවැත්වුවා.

එහිදී තීරණය වූයේ, අද (15) දින නිරීක්ෂණයන් සහ ලබාගත් තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ අමාත්‍යාංශ මට්ටමින් වැඩිදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමටයි.

මේ අතර දැනට භූ තලය අභ්‍යන්තරයෙන් ගලා යන ජල ධාරාව සහ තැන්පත්ව ඇති පීඩන ජලය ඉවත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවත්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

සබැඳි පුවත් : පහළ කඩුගන්නාව විවෘත කරනවාද? නැද්ද ? තීරණය හෙට

                 නුවර පාර අසල කන්ද සෙලවීමට ලක්වෙලා - පස් සහ ගල් තට්ටුව පහලට තල්ලුවෙලා

                 පහළ කඩුගන්නාව තවදුරටත් වසා දමයි! නුවර යන්න මේ පාරෙන් එන්න

                 නුවර පාර ලොකු අවදානමක! පහළ කඩුගන්නාවේ පැල්මක්

                 කඩුගන්නාව යළි විවෘත කිරීම කාලගුණයේ වෙනස් වීම මත

                 නුවර පාරේ අවධානම මැද මංතීරුවක් විවෘත කරයි

                 කොළඹ නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 13:17