පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් අ.පො.ස සාමාන්‍ය පෙළවත් සමත් නැති බව මීට කලකට පෙර බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඒ හැරුණුකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් උගත්කමක් නැති නූගතුන් ලෙසයි සමාජයේ පොදු විශ්වාසය වන්නේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යෝජනාව
ඊට පිලියමක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කලා.
ඔහු එම ඉල්ලීම කළේ අධ්‍යාපන ඇමැති දිනේෂ් ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.
වෘත්තීන් නීතිඥයෙකු වන කිරිඇල්ල මහතාගේ යෝජනාව වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන තත්ත්වය නැංවීමට නීති විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට හැකි වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසටයි.
හැමෝම කියන කතාව
"මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනය මදි කියලා හැමදාම කතා කරනවා.අපි ඒ අයට උදව් කරමු.පාර්ලිමේන්තුවට එන්නේ මොකක් හෝ දක්ෂතාවයක් තිබෙන නිසානේ.නැතිනම් කොහොමද ඡන්දයක් දිනලා පාර්ලිමේන්තු එන්නේ."
ඔන්න ඒ විදිහටයි කිරිඇල්ල මහතා සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමට පාදක වූ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු සගයන්ව හඳුන්වා දුන්නේ.
70 දශකයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් එවැනි වරප්‍රසාදයක්ද කිරිඇල්ල මහතා සභාවට මතක් කර දුන්නා.
ඒ විභාගය නොලියාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාලයට ඇතුල් වෙන්න ලබා දීපු අවස්ථාව.
එයින් ඵල ප්‍රයෝජන ගත් කෙනෙක් ගැනත් කිරිඇල්ල මහතා මතක් කළා.
ඒ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.