April 24, 2024

රහසිගතව සැලසුම් කළ කාදිනල්තුමාගේ විදෙස් සංචාරයේ ඉලක්කයන් Featured

February 28, 2022

මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ විදේශ සංචාරය සංවිධානය කෙරුනේ ඉතා රහසිගතවයි.

ඒ එම සංචාරය පිළිබඳව කලින් තොරතුරු එළියට පැමිණියේ නම් උන් වහන්සේගේ විදේශ සංචාරයට බාධා පැමිණෙනු ඇති බවට පල්ලිය තුළ තිබූ සැකය නිසයි.

යෑමට නියමිත රටවල්

මේ වන විට උන්වහන්සේගේ ගමන් මාර්ගය පිළිබඳව හා සංචාරය කරන රටවල් පිළිබඳව තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකර ගැනීම සඳහා උන් වහන්සේ ප්‍රථමයෙන් ඉතාලියේ වතිකානුව බලා යෑමටයි නියමිත.

ඉන් අනතුරුව උන් වහන්සේ ජර්මනියටත්, එතනින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරටත් අවසානයේ ඇමෙරිකාවටත් යෑමටත් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සුවිශේෂී ගමන

ඒ ගමන් අතරතුර තවත් සුවිශේෂී ස්ථානයකට යෑමට උන් වහන්සේ තීරණය කර ඇති බවත් දැනගන්නට තිබෙනවා.

ඒ නෙදර්ලන්තයේ හේග් නගරයටයි.

එහිදී එම නගරයේ පිහිටා තිබෙන සාධාරණත්වය සම්බන්ධයෙන් අධිකරණයටත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උන් වහන්සේ සූදානම් වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ලොව රාජ්‍ය නායකයින්, හමුදා නිලධාරීන් ඇතුළු ලොව සිටි බොහෝ බලවත් පුද්ගලයින්ට දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් හේග් අධිකරණය ප්‍රසිද්ධියක් උසුලනවා.

Rate this item
(3 votes)
Last modified on Monday, 28 February 2022 13:52