March 29, 2024

ලිට්‍රෝ ලොක්කාගේ පඩිය ලක්ෂ 35යි: කරන්නේ ආණ්ඩුව විනාශ කරන එකයි: ආණ්ඩුවේ මන්ත්‍රී එළිපිටම කියයි

February 28, 2022

ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ලිට්රෝ ගෑස් සභාපති තෙසාර ජයසිංහ මහතා ඉලක්ක කොට දැඩි ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වනවා.

ඒ ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී.

ආණ්ඩුව විනාශ කිරීම

ලිට්රෝ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් දෙතුන් දෙනෙකුගේ ක්‍රියාකලාපය නිසා විශාල වෙහෙසක් දරා හදාගත් සිය ආණ්ඩුව විනාශය කරා ගමන් කරන බවට මන්ත්‍රීවරයා එම රැස්වීමේදී චෝදනා කර තිබෙනවා.

එහිදී ජයසිංහ මහතාගේ කෙරුවා එමෙන්ම ලබාගන්නා වරප්‍රසාද පිළිබඳවත් තොරතුරු තෙන්නකෝන් මහතා හෙළිදරව් කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

ජයසිංහ මහතාගේ සභාපති වැටුප ලක්ෂ 35ක් බවත් පුද්ගලික ආරක්ෂකයින් 4 දෙනෙක් ඔහුට ලබාදී ඇති බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කොට තිබෙනවා.

ගෑස් වංචාව

එතෙකින් නොනැවතුණු ඔහු මීට ටික කලකට පෙර ලිට්රෝ ගෑස් සමාගමේ රු. කෝටි 1000 ක වංචාවක් සිදු වී තිබෙන බවට ජයසිංහ මහතා ගැසූ පම්පෝරියක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට මතක් කර දී තිබෙනවා.

කෝටි 1000 වංචා කතාවෙන් සිදුවුණේ වත්මන් රාජපක්ෂ පාලනය යටතේ එහෙම වංචාවක් සිදු වෙලා තිබෙනවා යැයි කියන එක සමාජගත වීම බවයි මන්ත්‍රීවරයාගේ අදහස වී තිබෙන්නේ.

ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයා ඇතුළු පාලන තන්ත්‍රය ඇමෙරිකානු ඩෝලර් 98 ට ගෑස් ගෙන ඒමේදී එය ඩොලර් 50ට ගෑස් ගන්න පුළුවන් කියා ජයසිංහ මහතා කිව් මුත් ඔහු දැන් ගෑස් ලබා ගන්නේත් ඇමරිකානු ඩොලර් 98 ට බව මන්ත්‍රීවරයා හෙළිදරව් කළේ වත්මන් සභාපතිවරයා විවිධ කතා කියමින් දිගින් දිගටම ආණ්ඩුව අපහසුතාවයට පත්කරන බවට චෝදනා කරමින්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 28 February 2022 20:24