2022 අයවැය විවාදය මේදින වල පැවැත්වෙනවා.
කෙසේ වෙතත් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තු ගර්භයේ නොසිටීම විශේෂයෙන් කැපී පෙනෙන කාරණයක්.
ඒ සම්බන්ධව විපක්ෂය විසින් විමසා සිටීමත් සමග සුපුරුදු පරිදි අදත් (19) පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ අතර එයට පිළිතුරු ලබා දීම සඳහා නැගී සිටියේ ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා යි.
එහි දී ඔහු මෙලෙස ප්‍රකාශ කළා.
“විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට මං හිතන්නේ වෙනම රෝගයක් තියෙනවා. මෙතුමා පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවොත්, මෙතුමාගේ නම ඉස්පිල්ල දාලා නෙවෙයි ගරු කතානායකතුමනි කියන්නේ. මෙතුමාගෙ නම ඇදපිල්ල දාලා කියන්නේ”
අදාළ වීඩියෝව පහතින්...