April 26, 2024

රටේ අවුලට හේතුව කිරිඇල්ලගෙන් එලියට

ජනපතිවරයාගේ නඩුවලට පෙනී සිටි නව ව්‍යවස්ථාවක් හැදීම විහිළුවක් බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එසේ නොකොට ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ද අදහස් ගන්නා ලෙස කිරිඇල්ල මහතා යෝජනාවක්ද කලා.

අසාර්ථකත්වයට හේතුව

වත්මන් ආණ්ඩුව අසාර්ථක වී ඇත්තේ සියල්ලම ජනපතිවරයා විසින් බදා ගැනීම නිසා බව එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පෙන්වා දුන්නා.

ඒ සඳහා බලපෑවේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යළිත් ජනපතිවරයාට බලතල පවරා දීම නිසා බවයි ඔහු ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ.

ජනපතිවරයා විපක්ෂයේ කිසිවෙකු සමග පමණක් නොව ආණ්ඩුවේ කිසිවකු සමඟවත් කතා නොකර තනියෙන් තීරණ ගැනීම රට අසාර්ථකත්වය කරා යෑමට හේතු වූ බවයි කිරිඇල්ල මහතා අවධාරණය කරන්නේ.

විපක්ෂයේ සහාය

සිය ආණ්ඩුව යටතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදද්දි ඊට එදා විපක්ෂයේ අදහස් විමසූ බව ඔහු සඳහන් කළේ ඊට එදා විපක්ෂයේ සිටි දිනේෂ් ගුණවර්ධන මහතා එක් කළ සංශෝධන ගැනද මතක් කර දෙමින්.

අද රට මුහුණ දී සිටින අසාර්ථක තත්ත්වයට හේතුව ජනපතිවරයාගේ අසාර්ථක තීන්දු තීරණ බවත් ඒ නිසා රට බිඳ වැටීමේ සම්පූර්ණ වගකීම ජනපතිවරයා විසින් ගත යුතු බවත් කිරිඇල්ල මහතා සඳහන් කළා.

මේ විශේෂත්වය වන්නේ කිරිඇල්ල මහතා ජනපතිවරයාට විවේචනය කරමින් කතා කරද්දී ඊට ආණ්ඩු පක්ෂයෙන් කිසිදු බාධාවක් එල්ල නොවීමයි.

Rate this item
(3 votes)
Last modified on Thursday, 21 October 2021 12:32

Related items