ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක් දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය අද (21) රාත්‍රියේ අවසන් වූවා.
ඒ තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට අත්කර දෙමින්.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත සිම්බාබ්වේ පන්දු යවන්නන් ගෙන දුන්නේ දැඩි පීඩනයක්.
නියමිත පන්දු වාර 50 තුළ කඩුළු 09ක් දවා ගත් ඔවුන් ශ්‍රී ලංකා පිතිකරුවන්ව ලකුණූ 254කට සීමා කළා.
ශ්‍රී ලංකා ඉනිමෙහි වැඩිම කඩුළු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 55කට දැවී ගියා.
චරිත් අසලංක ලකුණූ 52 යි.
කුසල් මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 36ක් පමණ යි.
චාමික කරුණාරත්න ලකුණූ 30කට දැවී ගියා.
රමේෂ් මෙන්ඩිස් ලකුණු 26කුත්, දිනේෂ් චන්දිමාල් ලකුණු 17කුත්, දසුන් ශානක ලකුණු 15කුත් ලබා දැවී යද්දී කමිඳු මෙන්ඩිස් දැවී ගියේ ලකුණූ 11ක් පමණයි.
දුෂ්මන්ත චමීර එක් ලකුණකට දැවී ගිය අතර පන්දුවාර 50 අවසන්වන විට නොදැවී සිටි ජෙෆ්රි වැන්ඩසේ ලකුණූ 03කුත් මහීෂ් තීක්ෂණ එක් ලකුණකුත් ලබා සිටියා.
ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණූ 255ක්.
ශ්‍රී ලංකා ඉනිමෙහි විශේෂ අවස්ථා පහතින්..
පසුගිය තරග දෙකේ දී ඔවුන් ලකුණූ 300 සීමාවට ලඟා වූ බැවින් සිම්බාබ්වේ පිතිකරුවන් පිටියට පිවිසියේ වැඩි වාසි ඇතිව යි.
කෙසේ වෙතත් මුලු ලකුණු ගණන 03ක් බවට පත් වෙද්දී සිම්බාබ්වේ පළමු කඩුල්ල ලෙස රෙගිස් චකබ්වා දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.
ඉන් නොනැවතුණූ චමීර ඊළඟ පන්දුවේ දී ප්‍රබල පිතිකරුවෙකු ලෙස හැඳින්විය හැකි සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් ගේ කඩුල්ල දවා ගත්තා.
තුන්වැනි කඩුල්ල ලෙස ශේන් විලියම්ස්ව දවා ගත්තේ මහීෂ් තීක්ෂණ විසින්.
එවිට මුලු ලකුණු ගණන 20ක් වී තිබුණා.
මුලු ලකුණු ගණන 30 බවට පත්වෙද්දී සිව්වැනි කඩුල්ල ද බිඳවැටුණු අතර ටකුඩ්ස්වානාෂේ කයිටානෝගේ කඩුල්ල එලෙස දවා ගැනීමට සමත් වූයේ ජෙෆ්රි වැන්ඩසේ යි.
සිම්බාබ්වේ ලකුණු පුවරුවට තවත් එක් ලකුණක් එක් වූ පසු පස්වැනි කඩුල්ල ද දැවී ගියා.
චාමික කරුණාරත්න විසින් එලෙස දවා ගත්තේ ශිකන්ඩර් රාසා යි.
මිල්ටන් ශුම්බා සහ වෙලින්ටන් මසකඩ්සා යන දෙදෙනා දවාගත්තේ රමේෂ් මෙන්ඩිස් විසින්.
බ්ලෙසිං මුසරබානි අට වැනි කඩුල්ල ලෙස දැවී යද්දී සිම්බාබ්වේ මුලු ලකුණු ගණන 52ක් වූවා.
එය දවාගත්තේ ද ජෙෆ්රි වැන්ඩසේ විසින්.
ඉන් සිය මෙහෙවර අවසන් නොකළ වැන්ඩසේ නවවැනි කඩුල්ලත් අවසන් කඩුල්ලත් ලෙස රයන් බර්ල් සහ රිචඩ් න්ගරාවා දවා ගත්තේ අද දිනයේ හොඳම පන්දු යවන්නා බවට පත් වෙමින්.
සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දාවී ලබා ගත හැකි වූයේ ලකුණූ 70ක් පමණ යි.
පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 04ක් බිඳ හෙලුවේ ලකුණු 10ක් පමණක් ලබා දෙමින්.
දුෂ්මන්ත චමීර සහ රමේෂ් මෙන්ඩිස් කඩුළු 02 බැගිනුත්, මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගිනුත් දවා ගත්තා.
ශ්‍රී ලංකාව තරගය දැවැන්ත ලෙස ජයගත්තේ ලකුණූ 184කින්.
ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලිය 2-1ක් ලෙස ජයගනු ලැබුවා.
තරගයේ වීරයා බවට පත් වූයේ චරිත් අසලංක යි.
පැතුම් නිස්සංක තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණා.
සිම්බාබ්වේ ඉනිමෙහි විශේෂ අවස්ථා පහතින්...