February 06, 2025

සිම්බාබ්වෙන් අදත් අභියෝගයක්! ලංකාවට 300 පැන්නූ ඉලක්කයක්!

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දෙවැනි තරගය මේවන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව වෙත දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා.

නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ඔවුන් ලබා ගත් ලකුණු ගණන 302ක්.

ඒ අනුව තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවන් හට ලකුණු 303ක් ලබා ගත යුතුව පවතිනවා.

නායක ක්‍රේග් අර්වින් ලකුණු 91ක් ලබාගත් අතර සිකන්ඩර් රාසා ලකුණූ 56ක් රැස් කළා.

සීන් විලියම්ස් ලකුණු 48යි.

රේගිස් චකබ්වා ලබා ගත් ලකුණු ගණන 47ක්.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 51කට කඩුළු 03ක් බිඳහෙලුවා.

නුවන් ප්‍රදීප් කඩුළු 02ක් දවා ගත්තේ ලකුණු 74ක් ලබා දෙමින්.

මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 January 2022 06:09


© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449