March 28, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ හා වංචා ගැන කෝප් කමිටුවේ දෝෂාරෝපණය Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා දැඩි දෝෂාරෝපණයට ලක් වුණා.

ඒ එම ආයතනයේ සිදුව තිබෙන රුපියල් කෝටි ගණනක වංචා හා දූෂණ මුල්කොටගෙන.

කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එසේ දෝෂාරෝපණයට ලක් වූයේ එහි නිලධාරීන් මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට පැමිණි අවස්ථාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව තිබෙන විවිධ වංචා , දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව කෝප් සභාව කළ ප්‍රශ්න කිරීම්වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් එකිනෙකට පරස්පර පිළිතුරු දී තිබෙනවා.

ඒ හැරුණුකොට ආයතනයේ ක්‍රියාකාරකම් වලට අදාළව තොරතුරු ලබාදෙන ලෙස විගනන කාර්යාලය කළ ඉල්ලීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිසි අයුරින් පිළිතුරු සපයා නොතිබීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ දෝෂාරෝපණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එල්ල වුණා.

වාර්ෂික වාර්තා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තා කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද කෝප් කමිටුව හමුවේ අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.

ඒ බැව් හෙළිදරව් වූයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු රට නියෝජනය කරන ආයතනයක් මිස පුද්ගලික ආයතනයක් නොවන බව කෝප් කමිටුව එහි නිලධාරීන්ට මතක් කර දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 March 2022 10:28