April 30, 2024

දඹුලු - නුවර සටන අවසන් - ජය පැරදුම විසඳුනේ මෙහෙමයි

December 06, 2021

මෙවර LPL තරගාවලියේ දෙවැනි තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

තරගය පැවැත්වුණේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අතර යි.

කාසියේ වාසිය දිනූ දඹුල්ල නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට යි.

දඹුලු ඉනිම

ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල ආරම්භක පිතිකරුවන් යුගලය වූ නිරෝෂන් දික්වැල්ල සහ ෆිල් සෝල්ට් එක්ව පන්දු 46ක් තුළ පළමු කඩුල්ල සඳහා ගොඩ නැගූ සබඳතාව ලකුණු 97ක්.

ඔවුන් දෙදෙනා මහනුවර පන්දු යවන්නන් දැඩි පීඩනයකට පත් කළා.

කෙසේ වෙතත් එම සබඳතාව බිඳී ගියේ ලකුණූ 37ක් ලබා සිටි දික්වැල්ලගේ කඩුල්ල දැවී යාමත් සමග යි.

ඔහු එල්ල කළ හතරේ පහර ගණන 06ක්.

දෙවැනි කඩුල්ල ලෙස ෆිල් සෝල්ට් දැවී යද්දී ඔහු ලකුණු 64ක් ලබා සිටියේ පන්දු 27ක් තුළ යි.

ඔහුගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 04ක් ඇතුළත් වූවා.

දික්වැල්ල සහ සෝල්ට් දැවී යාමක් සමග දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සැළකිය යුතු ලකුණූ සබඳතාවක් ගොඩ නැගීමට කිසිවෙකුට නොහැකි වූවා.

නායක දසුන් ශානක ලකුණු 24ක් ලබා ගත් අතර රමේෂ් මෙන්ඩිස් ලකුණූ 22යි.

නියමිත පන්දුවාර 20 අවසානයේ දඹුල්ල කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 190ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 34කට කඩුළු 03ක් බිඳ හෙලුවා.

අල් අමීන් හුසේන් කඩුළු දෙකක් දවා ගත්තේ ලකුණු 36කට යි.

සචිඳු කොළඹගේ සහ රොව්මන් පොවෙල් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මහනුවර ඉනිම

මහනුවර කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 191ක් වූවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ මුල් කඩුලු තුන දැවී ගියේ ලකුණූ 28ක් තුළ යි.

සිය කණ්ඩායම එලෙස අසරණ වෙද්දී නායක ඇන්ජලෝ පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් එක්ව ලකුණූ 42ක සබඳතාවක් ගොඩ නැගුවා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ද දැවී ගිය පසු සැළකිය යුතු ලකුණූ සබඳතාවක් ගොඩ නැගුවේ ඉෂාන් ජයරත්න සහ රොව්මන් පොවෙල් විසින්.

ඔවුන් දෙදෙනා පන්දු 20ක් තුළ ලකුණු 40ක සබඳතාවක් ගොඩ නැගුවා.

පොවෙල්ගේ ඉනිම විශේෂයෙන් කැපී පෙනුනු අතර ඔහු ලකුණු 42ක් ලබා ගත්තේ පන්දු 21ක් තුළ යි.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව ඉෂාන් ජයරත්න සහ සචිඳු කොළඹගේ ලකුණූ 31ක සබඳතාවක් ගොඩ නැගුවා.

මහනුවර වැඩිම ලකුණූ ලාභියා වූ රොව්මන් පොවෙල් ලකුණූ 42ක් ද නායක ඇන්ජලෝ පෙරේරා ලකුණු 24ක් ද ලබාගත් අතර සචිඳු කොළඹගේ නොදැවී ලකුණූ 27ක් ලබා ගත්තා

කෙසේ වෙතත් මහනුවර පිතිකරුවන්ගේ කිසිදු ප්‍රයත්නයක් සාර්ථක නොවූ අතර නියමිත පන්දුවාර 20 අවසන කඩුළු 08ක් දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණූ 170ක් පමණයි.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම තරගය ලකුණූ 20කින් ජය ගත්තා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණූ 21කට කඩුළු 03ක් බිඳ හෙලූ අතර නුවන් ප්‍රදීප් ද කඩුළු 03ක් දවා ගත්තේ ලකුණූ 31ක් ලබා දෙමින්.

ඉම්රාන් තහීර් සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය ලබා ගත්තේ පන්දු 27ක් තුළ ලකුණු 64ක් ලබා ගත් දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන ෆිල් සෝල්ට් විසින්.

මේ අතර අද (06) දවසේ පැවැත්වෙන දෙවැනි තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 08:10