April 30, 2024

තරගයේ අඩක් අවසන්! දික්වැල්ල සහ සෝල්ට් පිත්තෙන් වැඩ පෙන්වයි!

December 06, 2021

මෙවර LPL තරගාවලියේ දෙවැනි තරගයේ පළමු භාගය මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

තරගය පැවැත්වෙන්නේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අතර යි.

කාසියේ වාසිය දිනූ දඹුල්ල නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට යි.

ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල ආරම්භක පිතිකරුවන් යුගලය වූ නිරෝෂන් දික්වැල්ල සහ ෆිල් සෝල්ට් එක්ව පන්දු 46ක් තුළ පළමු කඩුල්ල සඳහා ගොඩ නැගූ සබඳතාව ලකුණු 97ක්.

ඔවුන් දෙදෙනා මහනුවර පන්දු යවන්නන් දැඩි පීඩනයකට පත් කළා.

කෙසේ වෙතත් එම සබඳතාව බිඳී ගියේ ලකුණූ 37ක් ලබා සිටි දික්වැල්ලගේ කඩුල්ල දැවී යාමත් සමග යි.

ඔහු එල්ල කළ හතරේ පහර ගණන 06ක්.

දෙවැනි කඩුල්ල ලෙස ෆිල් සෝල්ට් දැවී යද්දී ඔහු ලකුණු 64ක් ලබා සිටියේ පන්දු 27ක් තුළ යි.

ඔහුගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 04ක් ඇතුළත් වූවා.

දික්වැල්ල සහ සෝල්ට් දැවී යාමක් සමග දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සැළකිය යුතු ලකුණූ සබඳතාවක් ගොඩ නැගීමට කිසිවෙකුට නොහැකි වූවා.

නායක දසුන් ශානක ලකුණු 24ක් ලබා ගත් අතර රමේෂ් මෙන්ඩිස් ලකුණූ 22යි.

නියමිත පන්දුවාර 20 අවසානයේ දඹුල්ල කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 190ක් රැස් කළා.

ඒ අනුව තරගය ජය ගැනීමට නම් මහනුවර කණ්ඩායම ලකුණු 191ක් ලබා ගත යුතු වනවා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 34කට කඩුළු 03ක් බිඳ හෙලුවා.

අල් අමීන් හුසේන් කඩුළු දෙකක් දවා ගත්තේ ලකුණු 36කට යි.

සචිඳු කොළඹගේ සහ රොව්මන් පොවෙල් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 December 2021 17:28