April 30, 2024

කාසියේ වාසිය දසුන්ට! දෙවැනි තරගය ඇරඹෙයි!

December 06, 2021

LPL තරගාවලියෙහි දෙවැනි තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

ඒ දඹුල්ල කණ්ඩායම (දඹුල්ල ජයන්ට්ස්) සහ මහනුවර කණ්ඩායම (කැන්ඩි වොරියර්ස්) අතර යි.

කාසියේ වාසිය දිනූ දඹුලු නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව දඹුලු ආරම්භක පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

ඔවුන් මේවන විට ප්‍රහාරාත්මක පිතිහරඹයක යි නිරතවන්නේ.

දඹුල්ල ජයන්ට්ස්

ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල ද දඹුල්ල කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක්.

ඔහු මෙලෙස තරගකාරී ක්‍රිකට් තරගාවලියකට එක් වන්නේ මාස 06කට පසුව යි.

මේ අතර T20 ලෝක කුසලානයේ දී ඉහළ දස්කම් දැක්වූ චාමික කරුණාරත්න ද මෙවර දඹුල්ල වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

ඔහු මෙලෙස LPL තරගාවලියකට එක්වන්නේ ප්‍රථම වතාවට යි.

කොදෙව් ටෙස්ට් තරගාවලියේ දී ඉතා ඉහළ දස්කම් දැක්වූ රමේෂ් මෙන්ඩිස් ද දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන අතර දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් ද සිය දායකත්වය දඹුල්ලට ලබා දෙනවා.

ඊට අමතරව නුවනිඳු ප්‍රනාන්දු ද දඹුලු කණ්ඩායමට කැඳවා තිබෙන අතර තරිඳු රත්නායක ද මෙවර දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

ඇෆ්ඝන් ප්‍රවේගකාරී පිතිකරු නජිබුල්ලා සාඩ්‍රන් සහ අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් දඹුල්ල වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන පිරිස මෙසේ යි..

දේශීය ක්‍රීඩකයින් – දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්, තරිඳු රත්නායක, ලහිරු උදාර, සචා ද අල්විස්, මුදිත ලක්ෂාන්, කලන පෙරේරා, සචිත ජයතිලක, මදුශාන් රවිචන්ද්‍රකුමර්, ජනිත ලියනගේ, චාමිකර එදිරිසිංහ, දිල්ශාන් මුණවීර, නුවනිඳු ප්‍රනාන්දු.

විදෙස් ක්‍රීඩකයින් – Imran Tahir (දකුණු අප්‍රිකාව), Sohaib Maqsood (පාකිස්තානය), Phil Salt (එංගලන්තය), Marchant De Lange (දකුණු අප්‍රිකාව), Josh Little (අයර්ලන්තය), Najibullah Zadran (ඇෆ්ඝනිස්තානය)

කැන්ඩි වොරියර්ස්

මෙවර මහනුවර කණ්ඩායම අනෙකුත් කණ්ඩායම් තරම් ප්‍රබල ලෙස නොපෙනෙන බව සැමගේ අදහස යි.

එහි නායකත්වය දරන්නේ ඇන්ජලෝ පෙරේරාවන අතර T20 ලෝක කුසලානයේ ඉහළ දස්කම් දැක්වූ චරිත් අසලංක කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව ලෙස හැඳින්විය හැකියි.

එමෙන්ම ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අසේල ගුණරත්න සහ බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක අල් අමීන් හුසේන් මහනුවර පන්දු යැවීමේ බළඇණිය ශක්තිමත් කරනවා.

පිතිකරුවන් ලෙස අහ්මඩ් ෂේසාඩ්, කෙනර් ලෙවිස් සහ ඩෙවෝන් තෝමස් එක්වනවා.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන පිරිස මෙසේ යි..

දේශීය ක්‍රීඩකයින් – ඇන්ජලෝ පෙරේරා (නායක), චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, කමිල් මිශාර, අසේල ගුණරත්න, ලහිරු කුමාර, ඉෂාන් ජයරත්න, නිමේෂ් විමුක්ති, කල්හාර සේනාරත්න, අයන සිරිවර්ධන, ශෂික දුල්ශාන්, සචිඳු කොළඹගේ, මිනොද් භානුක, තිලකරත්න සම්පත්, මිලින්ද සිරිවර්ධන, බිනුර ප්‍රනාන්දු.

විදෙස් ක්‍රීඩකයින් – Ahmed Shehzad (පකිස්තානය), Rovman Powell (බටහිර ඉන්දීය කොදෙව්) Devon Thomas (බටහිර ඉන්දීය කොදෙව්), Al-Amin Hossain (බංග්ලාදේශය), Kennar Lewis (බටහිර ඉන්දීය කොදෙව්), Shiraz Ahmed (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

Rate this item
(0 votes)
Last modified on Monday, 06 December 2021 16:48