April 30, 2024

මිලියන 20කට කණ්ඩායම් 5ක් සටන් වදින LPL සැණකෙළිය අද ඇරඹෙයි

December 05, 2021

මෙරට ක්‍රිකට් ලෝලීන් අතර මහත් ජනප්‍රියත්වයට පත් “ලංකා ප්‍රිමියර් ලීග්” හෙවත් LPL තරගාවලියෙහි දෙවැනි අදියර, එසේත් නොමැති නම් 2021 අදියර අද (05) ආරම්භවනවා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් සහභාගිවන අතර එම කණ්ඩායම් 05ම සිය කණ්ඩායම්වල සාමාජිකයින් නම් කොට අවසන්.

ජැෆ්නා කිංස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බෝ කිංස්, දඹුල්ල ජයන්ට්ස් සහ කැන්ඩි වොරියර්ස් මෙම තරගයට සහභාගිවන කණ්ඩායම් වනවා.

තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයින් ජෛව ආරක්‍ෂිත බුබුළුවලට ඇතුළත් වී ඇති අතර  ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් සහ අබුඩාබි T10 තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් ඊයේ (04) සිය කණ්ඩායම් සමග එක් වූවා.

දින 14ක් පුරා LPL තරගාවලිය පැවැත්වීමට නියමිත යි.

අද (05) ඇරඹෙන තරගාවලිය අවසන් වන්නේ මෙම මස 24 වැනි දා යි.

මෙවර LPL තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් වටය පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී යි.

මෙවර LPL තරගාවලියේ අවසාන මහා තරගය ජයගන්නා කණ්ඩායමට ශ්‍රී ලංකා රුපියල් මිලියන 20ක මුදලක් ත්‍යාග ලෙස ලැබීමට නියමිත යි.

අනුශූරතාවය හිමිවන කණ්ඩායමට හිමිවන්නේ ශ්‍රී ලංකා රුපියල් 10ක මුදල් ත්‍යාගයක්.

මේ අතර මෙවර තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් 50%ක පිරිසකට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත් එලෙස නරඹන්නන් ලෙස සහභාගි වන්නන් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය විය යුතු යි.

තරගාවලියේ සමාරම්භක උළෙල අද (05) සවස 6.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ප්‍රථම තරගය ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංස් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 December 2021 15:05