April 27, 2024

ෂේන් වෝන් අනතුරකට ලක්වේ

November 30, 2021

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් පසුගියදා මෙල්බර්න් නුවරදී යතුරුපැදි අනතුරකට ලක්වී තිබෙනවා.

ජනප්‍රිය දඟ පන්දු යවන්නා නොවැම්බර් 28 වැනි ඉරිදා ඔහුගේ පුත් ජැක්සන් සමඟ යතුරුපැදියෙන් යමින් සිටියදී බයිසිකලයෙන් වැටී මීටර් 15 කට වඩා වැඩි දුරක් තාර මත ලිස්සා ගොස් තිබෙනවා.

අනතුරේ තත්ත්වය තවමත් තරමක් අපැහැදිලි වුවත්, වෝන්ට බරපතල තුවාල සිදුවී නැහැ.

වාර්තා වන පරිදි, වෝන් කිලෝග්‍රෑම් 300 බරැති යතුරුපැදියක් (සමහර විට ඔහුගේ හාර්ලි-ඩේවිඩ්සන්) පදවාගෙන ගොස් ඇති අතර, ඔවුන් බයිසිකල් ගබඩා කිරීමට ආපසු යමින් සිටියදී අනතුර සිදුවී ඇති බව "සිඩ්නි හැරල්ඩ් මෝර්නින්" පුවත්පත වාර්තා කර තිබුණා.

ෂේන් වෝන්ට සිදුවූ අනතුරෙන් තැලීම් හා සුලු තුවාල සිදු වී ඇති අතර, වළලුකර කැඩීමට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 52 හැවිරිදි ෂේන් වෝන් රෝහලට ඇතුලත් කොට ඇති අතර, තම පාදය කැඩී හෝ උකුල් ඇටයට හානි වේ යැයි බියෙන් පරීක්ෂණ කිහිපයක්ම සිදුකර ගෙන තිබෙනවා.

හිටපු ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නා ලබන මස 8 වනදා ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ විස්තර ප්‍රකාශකයකු ලෙස සහභාගීවීමට සූදානමින් සිටියා.

Rate this item
(0 votes)