April 20, 2024

ෂහීන් ෂා අෆ්රිඩිට දඩ

November 23, 2021

බංග්ලාදේශය සමඟ ඩකා නුවර පැවැති දෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.9 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන් පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩිට තරඟ ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ සමගම ඔහුගේ විනය සම්බන්ධ වාර්තාවට දඬුවම් ලකුණක් ද ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බංග්ලාදේශ ඉනිමේ තෙවැනි ඕවරය ෂහීන් ෂා අෆ්රිඩි විසින් යොමු කළ අතර, එහිදී අෆිෆ් හුසේන් එල්ල කළ පහරකින් පැමිණි පන්දුව රැක ගෙන යළි පිතිකරණ අන්තයේ කඩුල්ලට අෆ්රිඩි දමා ගැසුවා.

පිතිකරුවන් ලකුණක් කරා දිව යෑමට උත්සාහ කිරීමක් ද සිදු නොකළ අවස්ථාවක දමා ගැසූ පන්දුව එම අන්තයේ සිටි අෆිෆ් හුසේන්ගේ පාදයේ වැදීම හේතුවෙන් ඔහු දැඩි වේදනාවකට ද ලක්ව බිම ඇද වැටිණා.

මේ කරුණ මුල්කරගනිමින් ෂහීන් ෂා අෆ්රිඩි ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් මෙම දඩ මුදල් නියම කොට තිබෙනවා.

Rate this item
(0 votes)