April 25, 2024

"එක්ව ජය ගමු" LPL නිල ගීතය එළි දැක්වේ

November 25, 2021

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නිල ගීතය පසුගියදා එළි දැක්වුණා. ‘එක්ව ජය ගමු’ නම් වූ මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සහ තරඟාවලියේ සංවිධායකයන් වන IPG Group සාමජිකයින් සහභාගී වුණා.

LPL තරඟාවලියේ නිල ගීතයට ජනප්‍රිය ගායක ගායිකාවන් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, සංඛ දිනෙත්, යොහානි ද සිල්වා, උමාරියා සිංහවංශ, සජිත ඇන්තනී සහ ADK හඬ මුසු කර තිබෙනවා.  

LPL තරඟාවලියේ නිල සන්නිවේදන සහකරු ලෙස එක් වී සිටින ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ විධායක සුපුන් වීරසිංහ මහතා විසින් IPG Group හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ අනිල් මොහාන් මහතා වෙත එම අනුග්‍රාහකත්වය නිල වශයෙන් පිරිනැමීම ද ඊට සමගාමීව සිදු කෙරුණා.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වුණා.

"එක්ව ජය ගමු"

ගායක/ ගායිකාවන් : භාතිය එන් සන්තුෂ්, උමාරියා සිංහවංශ, යොහානි, ඒඩීකේ, සංඛ දිනෙත්, සජිත ඇන්තනි

ගී තනු: සන්තුෂ් වීරමන් සහ ක්‍රිෂාන් ප්‍රනාන්දු

සංගීත සැකැස්ම සහ මිශ්‍රණය: ක්‍රිෂාන් ප්‍රනාන්දු @ සාරේගම සංගීතය

පද රචනය: යොහාන් අබේකෝන් සහ සන්තුෂ් වීරමන් (සිංහල), රන්ධීර් විතාන (ඉංග්‍රීසි), ADK (දෙමළ රැප්), Rapzilla LKM (සිංහල රැප්)

Rate this item
(0 votes)