April 26, 2024

බංග්ලාදේශයේ සුපිරි ක්‍රීඩක මහ්මුදුල්ලා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනියි

November 26, 2021

බංග්ලාදේශයේ විස්සයි20 ක්‍රිකට් නායක මහ්මුදුල්ලා ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

මහමුදුල්ලාගේ අවසන් ටෙස්ට් තරඟය වූයේ සිම්බාබ්වේ පිලට එරෙහිව ජුලි මාසයේ හරාරේ හිදී පැවති තරඟයයි.

එහිදී ඔහු සිය අවසන් ඉනිමේදී නොදැවී ලකුණු 150ක් රැස්කර කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වුණා.

ඔහු තරඟ 50කට ක්‍රීඩා කර ලකුණු 2,914ක් රැස් කළේ සාමාන්‍ය 33.49ක් රඳවා ගනිමින්. එම තරඟයේ බංග්ලාදේශ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 150ක් රැස් කරමින් තරඟයේ වීරයා සම්මානය ද දිනා ගත්තා.

බංග්ලාදේශ පිල ලකුණු 220කින් ජය ගත් එම තරඟයේදී ඔහු වාර්තා කළේ සිය ටෙස්ට් තරඟ දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

“මෙතරම් කාලයක් මම කොටසක් වූ ආකෘතියෙන් ඉවත් වීම පහසු නැත. මම හැම විටම ඉහළ මට්ටමකට යාමට සිතා සිටි අතර මගේ ටෙස්ට් දිවිය අවසන් කිරීමට සුදුසුම කාලය මෙය බව මම විශ්වාස කරමි. ”

“සෑම විටම මාව දිරිමත් කිරීම සහ මගේ හැකියාව ගැන විශ්වාස කිරීම ගැන මම මගේ කණ්ඩායමේ සාමාජිකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලැබීම පරම ගෞරවයක් සහ වරප්‍රසාදයක් වන අතර මම බොහෝ මතකයන් අගය කරමි". මහමුදුල්ලා පවසා තිබුණා.

ටෙස්ට් පිටියෙන් සමුගත්ත ද, තමා එක්දින හා විස්සයි20 ක්‍රීඩාවේ තව දුරටත් රැඳී සිටින බව ඔහු සඳහන් කර තිබෙනවා.

වසර 2009 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ මහ්මුදුල්ලා ටෙස්ට් තරඟ 50කදී ලකුණු 2914ක් රැස් කිරීමට සමත් වූයේ ශතක 5ක් සහ අර්ධ ශතක 16ක් සමඟිනි.

පන්දු යැවීමෙන් දස්කම් දක්වමින් ටෙස්ට් කඩුලු 43ක් දවාලීමට ද ඔහු සමත් වී තිබෙනවා.

Rate this item
(0 votes)