April 26, 2024

ක්‍රිස් ගේල් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

November 29, 2021

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ උපන් නගරයේදී සමු ගැනීමේ තරඟයක් දීමේ අදහසට එරට ක්‍රිකට් ආයතනය එකඟ වී ඇති අතර, එය බොහෝ විට ලබන වසරේ ජනවාරි දෙවැනි සතියේදී අයර්ලන්තය සමඟ වනු ඇතැයි කැරිබියන් මණ්ඩලයේ සභාපති රිකී ස්කෙරිට් මහතා තිබෙනවා.

“අපි ජනවාරි දෙවන සතියේ අයර්ලන්තයට එරෙහිව එක්දින තරඟ තුනක් සහ පසුව සබීනා පාර්ක්හි එක් විස්සයි20 තරඟයක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ගේල්ගේ රසිකයන්ට සබීනා පාර්ක් වෙත එන්න ඉඩ දුනහොත් එය හොඳ අවස්ථාවක්” ස්කෙරිට් මහතා වැඩිදුරටත් පවසා තිබුණා.

42 හැවිරිදි ජැමෙයිකානු ජාතිකයා මෑතකදී තම උපන් නගරයේ අවසන් තරඟය ක්‍රීඩා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, එරට ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජොනී ග්‍රේව් ද ඉඟි කර ඇත්තේ සමුගැනීම ජනවාරි මාසයේදී අයර්ලන්තයට එරෙහි විස්සයි20 තරඟය විය හැකි බවයි.

 

Rate this item
(0 votes)