April 19, 2024

එංගලන්ත අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි

November 24, 2021

ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරඟාවලියට පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින ක්‍රිකට් තරඟාවලියකට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම පසුගියදා මෙරටට පැමිණියා.

මෙම තරඟාවලිය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී මේ මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

දෙපිල අතර, දෙවැනි තරඟය දෙසැම්බර් 3 වැනිදා පැවැත්වෙන අතර, 5, 8 සහ 10 දිනවල සෙසු තරඟ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දුනෙත් වෙල්ලාලගේ ට හිමිවී ඇති අතර, අවසන් වරට බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ එක්දින තරඟාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් පිල මේ තරඟාවලියටත් එක් වීමට නියමිත අතර, සංචිතයේ වෙනස්කම් 4ක් සිදු කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහි තරගාවලියට එක් වූ රයන් ප්‍රනාන්දු, හරිඳු ජයසේකර, ළහිරු දෙවටගේ සහ ජීවක ශෂීන්ට සංචිතයේ ස්ථාන අහිමි වී ඇති අතර, ඒ වෙනුවට අභිෂේක් ලියනආරච්චි (ඩීඑස් සේනානායක), රන්දු සෝමරත්න (ත්‍රිත්ව), සකුණ ලියනගේ (ලුම්බිණි) සහ කඩුලු රකින පිතිකරු අංජුල බණ්ඩාර (සා.අන්තෝනි) කැඳවීමට කටයුතු කර තිබෙනවා.

Rate this item
(0 votes)