April 27, 2024

චමීර ඉවතට - අසලංක ඇතුළට! කාසියේ වාසිය සමග තරගය පමා වී ඇරඹෙයි!

November 29, 2021

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) පැවැත්වෙනවා.

තරගයේ පළමු දිනය අද පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය ආරම්භ වූයේ පස්වරු 3.00ට යි.

ඒ ඊයේ (28) රාත්‍රියේ සිට අද උදෑසන දක්වා ඇද හැලුණු අධික වර්ෂාව හමුවේ පිටිය තෙත බරිත වී තිබීම හේතුවෙන්.

කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න විසින්.

පළමු තරගයේ මෙන්ම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළා.

පෙර තරගය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කොට තිබෙනවා.

දුෂ්මන්ත චමීර මෙම තරගයෙන් ඉවත් කොට තිබීම එම වෙනස යි.

වේගපන්දු යවන්නෙකු වූ ඔහු වෙනුවට කැඳවා ඇත්තේ පිතිකරුවෙකුවන චරිත් අසලංක යි.

මේවන විට මෙම තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු තරගය ලකුණූ 187කින් විශිෂ්ඨ ලෙස ජය ගැනීමත් සමග යි.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ දී තවමත් එකදු හෝ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කර නොමැති වීම ද විශේෂත්වයක්.

නරඹන්න: කොදෙව්වන්ට අන්ත පරාජයක්! සිංහයෝ අඛණ්ඩ වාර්තාව රැකගත්තේ මෙහෙමයි!

Rate this item
(0 votes)
Last modified on Monday, 29 November 2021 15:10