April 26, 2024

නවසීලන්තය දෙවැනි තැන තහවුරු කරයි

November 06, 2021

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තවත් තරගයත් ඊයේ (05) සවස අවසන් වූවා.

ෂාජා ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වුණේ නැමීබියාව සහ නවසීලන්තය අතර යි.

කාසියේ වාසිය හිමිකරගත් නැමීයානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් කඩුළු 04ක් දැවී ලබා ගත් ලකුණු ගණන 163ක්.

ඉනිමෙහි වැඩිම කඩුළු ලාභියන් දෙදෙනා වූ ග්ලෙන් ෆිලිප්ස් සහ ජේම්ස් නීෂාම් පිළිවෙලින් ලකුණු 39ක් සහ 35ක් නොදැවී ලබා ගත්තා.

ලකුණු 164ක ඉලක්කයක් වෙනුවෙන් පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නැමීබියානු පිතිකරුවන්ට කිසි ලෙසකින් සාර්ථක වීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී නැමීබියානු පිතිකරුවන්ට ලබා ගත හැකි වූයේ ලකුණූ 111ක් පමණයි.

නැමීබියානු ඉනිමෙහි වැඩිම ලකුණූ ලාභියා වූ මයිකල් වැන් ලින්ගන් ලකුණූ 25ක් ලබා ගත්තා.

ඒ් අනුව නවසීලන්තය තරගය ජය ගත්තේ ලකුණු 52කින්.

ජේම්ස් නීෂාම් තරගයේ වීරයා බවට පත් වුණා.

මෙම තරග ජයත් සමග සුපිරි 12 දෙනා අතර දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට නවසීලන්තය සමත් වුණා.

දෙවැනි කාණ්ඩයේ පළමු තැන ගෙන ඇත්තේ මෙතෙක් අපරාජිතව සිටින පාකිස්තානය යි.

නවසීලන්තය එක් තරගයක් පරාජයට පත් වූ අතර එලෙස පරාජය වූයේ පාකිස්තානය සමග පැවැත්වූ තරගය යි.

Rate this item
(3 votes)
Last modified on Saturday, 06 November 2021 11:50