May 13, 2024

ලබන වසරේ ලෝක කුසලානය ජයගන්නවා

November 03, 2021

“ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට දැන් සිටින තරුණ ක්‍රීඩකයන් සූදානම් කළ යුතුයි. එවිට හොඳ කණ්ඩායමක් බිහි වෙනවා. අපෙන් සිදු වූ වැරදි හදාගෙන ක්‍රීඩා කළොත් ලබන වසරේ ලෝක කුසලානය දිනන්න අපට පුළුවන්”

මෙවර ලැබූ අත්දැකීම් අනුව ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ජයග්‍රාහී මාවතට එළැඹෙන බව ශ්‍රී ලංකා පිලේ සෑම අංශයකින්ම දස්කම් දක්වන වනිඳු හසරංග පවසනවා.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර, පෙරේදා සාජා පිටියේදී නිමාව දුටු විස්සයි20 ලෝක කුසලාන සුපිරි වටයේ තරඟයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී වනිඳු හසරංග මේ බව පැවසූවා.

“මේ වසරේ මා වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත් වීම සතුටක්, මේක මගේ පළමු ලෝක කුසලාන තරඟාවලිය. පසුගිය කාලයේ සුදු පන්දු ක්‍රීඩාවෙන් අප පසු බැසීමක සිටියේ. ක්‍රීඩකයන් සියලු දෙනා සියයට සියයක්ම කණ්ඩායමට දෙන්නේ කොහොමද කියා සාකච්ඡා කළා. දැන් අපට ඕනෑම කණ්ඩායමකට හොඳ තරඟයක් දෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා” වනිදු හසරංග පැවසූවා.

Rate this item
(0 votes)