April 26, 2024

ෂර්මා හලන්න යෝජනා කළ පාකිස්තාන වාර්තාකරුට කෝලිගෙන් ගුග්ලියක්

ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගයෙන් පාකිස්තානයේ ලැබුවේ අති විශිෂ්ට ජයක්.

දෙරට අතර පවතින දේශපාලන අර්බුද නිසා මෙම තරඟය වෙත ඉන්දීය හා පකිස්තාන ක්‍රීඩා ලෝලීන්ගේ පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වුණා.

තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පාකිස්තාන වාර්තාකරුවෙකු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවා. කෝලි ඊට ලබා දුන්නේත් අපූරු පිළිතුරක්.

වාර්තාකරු - ඉෂාන් ක්‍රිශාන් පෙරහුරු තරඟ වලදී ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළා. ඊළඟ තරඟ සඳහා කණ්ඩායම තෝරද්දි ඉෂාන් ක්‍රිශාන් , රෝහිත් ෂර්මාට වඩා හොඳ බව මම හිතන්නේ නැද්ද ?

විරාත් කෝලි - එය ඉතා හොඳ බුද්ධිමත් ප්‍රශ්නයක්. ඔබ ඒ ගැන හිතන්නෙ කුමක්ද සර්?

වාර්තාකරු - මම එයයි ඔබෙන් අහන්නේ සර්?

විරාත් කෝලි - ඔබ කියන්නේ රෝහිත් ෂර්මාව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වලින් ඉවත් කරන්න කියලද. ඔබ නායකයානම් රෝහිත් ෂර්මාව කණ්ඩායමෙන් ඉවත් කරනවද? ඔබ දන්නවද මේ තරගයට පෙර පැවති තරඟයේදී ඔහු ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කළ දේ. ඔව්, ඇත්තටම අදහගන්නත් බැරි දක්ෂතාවයක් ඔහු එහිදී පෙන්වූවා. ඒ නිසා ඔබට මතභේදයක් හදන්න උවමනා නම් ඒක මට කලින් කියන්න. එතකොට මට ඒකට ගැලපෙන පිළිතුරක් දෙන්න පුළුවන්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 11:00

Related items