May 01, 2024

සුපිරි 12ට යන අවසන් කණ්ඩායම තීරණය වෙයි

මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය තුළ සිය ස්ථානය තහවුරු කර ගැනීමට තවත් කණ්ඩායමක් මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

මෙලෙස සුපිරි 12 වටය වෙත ගියේ A කාණ්ඩය යටතේ තරග කළ නැමීබියාව යි.

නැමීබියාව පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගී වන්නේ පළමු වරට වීම ද කැපී පෙනෙනවා.

අයර්ලන්තය කඩුළු 08කින් පරාජය කරමින් ඔවුන් අද තරගය ජයගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

ඒ අනුව අයර්ලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 08ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තා.

ලැබී තිබූ ඉලක්කය වෙත යාවේ අරමුණින් පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නැමීබියානු පිතිකරුවන් කඩුළු 02ක් පමණක් දැවී තරගය ජය ගත්තා.

තරගයේ 19 වැනි පන්දු වාරයේ දී ඔවුන් ලකුණු 126ක් ලබා ගත්තේ අයර්ලන්තයේ ලෝක කුසලාන බලාපොරොත්තුවලට තිත තබමින්.

නැමීබියානු ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වූ නායක ගර්හාඩ් එරස්මස් ලකුණු 53ක් ලබා ගත්තා.

මේ අතර A කාණ්ඩයේ අවසන් තරගය අද රාත්‍රී 7.30ට ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේවන විටත් සුපිරි 12 වටයට පිවිස සිටින අතර නෙදර්ලන්තය මේවන විටත් තරගාවලියෙන් ඉවත් වී ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 20:24