April 26, 2024

ඉක්මන් කෝපය නිසා කොන්වේට අද අවසන් තරගය අහිමි වෙයි (VIDEO)

November 14, 2021

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය අද (14) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

ඒ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර.

අවාසනාවන්තම ක්‍රීඩකයා

අද (14) අවසාන මහා තරගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතරින් ඉතාම කනගාටුදායක සිද්ධියකට මුහුණ දුන් ක්‍රීඩකයා වන්නේ නවසීලන්තයේ ඩෙවොන් කොන්වේ.

ඒ තමා දැවීයාම මත ඇති වූ තරහ පාලනය කර ගැනීමට නොහැකි වීම මත කළ සිදුවීමක් නිසා ආබාධයට ලක් වීමයි.

නවසිලන්තය හා එංගලන්තය අතර පැවැති උණුසුම් මුහුණුවරක් ගත් අවසාන පූර්ව තරගයේදී කොන්වේ තරඟයේ වීරයා වූ ඩැරල් මිචෙල් සමග එක්වී නවසීලන්තය ජයග්‍රාහී මාවතකට යොමු කරමින් සිටියදී ලකුණු 46 කට දැවී ගියා.

හදිසි කෝපය

එසේ දැවී යාමත් සමග සිය හදිසි කෝපය පාලනය කර ගැනීමට නොහැකි වූ කොන්වේ සිය අත්ලෙන් සිය පිත්තෙ බඳට තදින් පහර දීමත් සමග අතේ අස්ථි බිඳී යාමක් සිදු වූවා.

තරගයෙන් පසු කළ වෛද්‍ය පරීක්ෂණවලදී එය තහවුරු වී ඇති අතර කොන්වේ අවසාන මහා තරගය පමණක් නොව ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියද අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට එම සංචාරයට මේ වෙන විට නම් කර තිබෙන්නේ  ඩැරල් මිචෙල්ව.

දකුණු අප්‍රිකාවේ සිට

කොන්වේ ආබාධයකට ලක් වූ එංගලන්තයට එරෙහි තරගයේදී ඔහු හා මිචෙල් 4 වැනි කඩුල්ල සඳහා ලකුණු 82 ක සබඳතාවයක් පන්දු ඕවර 11ක් තුළ ලබා ගනිමින් නවසීලන්තය ජයග්‍රහනය කරා යොමු කරමින් සිටියදීයි මෙම ආබාධය සිදු වූයේ.

දකුණු අප්‍රිකාවේ උපත ලද 30 හැවිරිදි කොන්වේ දකුණු අප්‍රිකාවේ තමන්ට අවස්ථාවක් නොලැබීම මත සිය වාසනාව උරගා බැලීම සඳහා නවසීලන්තයට පැමිණියා.

මේ වන විට කොන්වේ ඉතා කෙටි කලක් තුළ සිය පිත්තෙන් පෙන්වූ දක්ෂතා හරහා නවසීලන්ත ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස යන කණ්ඩායම් තුනේම නිත්‍ය සාමාජිකයෙකු ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 14 November 2021 17:17