April 28, 2024

ඉන්දියානු කණ්ඩායමේ නිල ඇඳුමේ සැඟවුණු කතාව

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට කිසිදු අවස්ථාවක ඔවුන්ගේ ක්‍රිකට් ලෝලීන් ගැන කතා නොකර සිටීමට නම් බැහැ.

එයට හේතුව වී තිබෙන්නේ ලෝකයේ විශාලතම ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය ඉන්දියාවට අයත් වන බැවිනි.

ඒ නිසාම මෙවර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දියානු කණ්ඩායමේ විස්සයි විස්ස ලෝක කුසලාන නිල ඇඳුම නිර්මාණය කිරීමේදී සිය ප්‍රේක්ෂකයන්ව අමතක කර තිබුණේ නැහැ.

ඔවුන් මෙවර නිල ඇඳුම අපුරු නමක් ලබාදී තිබුණා, ඒ "Billion Cheers Jersey (බිලියන් චීයර්ස් ජර්සි) " නමින් එහි අර්ථය වන්නේ "ප්‍රේක්ෂකයන් බිලියනයකගේ හඬ" යන්නයි.

බිලියනයකගේ හඬ ඇඳුමකින් නිර්මාණය කිරීමට ඉන්දියානු ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පීන් යොදාගෙන තිබුණේ අපුරු ක්‍රමයක්.

මේ කහපාටින් දක්වා ඇති පරිදි මෝස්තරයක් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමේ දැක ගැනීමට හැකියාව තිබෙනවා.

එම මෝස්තරය නිර්මාණය කර තිබෙන්නේ ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් විසින් ඉන්දියාවට ජය පතා කරන ලබන ජයග්‍රහණයේ හඬ හෙවත් "ඉන්දියා! ඉන්දියා!!" යන හඬේ ශබ්ද තරංගය අනුවයි.

මෙම අපුරු නිල ජර්සිය ඇඳගත්ත ඉන්දීය ක්‍රීඩකයන් මෙවර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස ලෝක කුසලාන පිටියට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පිවිසෙන්නේ ප්‍රේක්ෂකයන් බිලියනයකගේ හඬත් සමඟයි.

ලෝකයේ උද්වේගකාරීම ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයක් සිටින ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය දෙස බිලියනයක් බලා සිටිනු ඇති බව නම් නොඅනුමානයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 18 October 2021 08:02