May 14, 2024

අද ඇරඹෙන කෝටි ගණන් සල්ලි බෙදන විස්සයි විස්ස ලෝක කුසලාන තෑගි මල්ල

ලෝක විස්සයි විස්ස ලෝක කුසලානයේ wo (17) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

අද ආරම්භ වන්නේ අවසන් කණ්ඩායම් 12 සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් 4 තෝරාගැනීමේ මූලික වටයේ තරග.

කෝටි ගණන් තෑගි

මේ වන විටත් විස්සයි විස්ස ලෝක කුසලානයේ ජයග්‍රහකයන්ට දෙන මුදල් තෑගි ප්‍රකාශයට පත්කර අවසන්.

ඒ තරගාවලිය සංවිධානය කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.

සමස්ත තරගාවලිය සඳහා වෙන්කොට ඇති ත්‍යාග මුදල් වල වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂ 56ක්.

ලංකාවේ මුදලින් නම් රු. ලක්ෂ 11200ක් එසේත් නැතිනම් රු.මිලියන
1120 ක්.

තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 14 ඩුබායි වලදී.

ජයග්‍රහයකයින් හා අනු ශූරයින්

එහිදී තරගාවලිය ජයග්‍රහණය කරන්නන්ට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 16ක් (රු. ලක්ෂ 3200) හිමි වීමට නියමිතයි.

අනු ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් (රු. ලක්ෂ 1600) හිමි වනු ඇති.

අවසාන කන්ඩායම් හතර

අර්ධ අවසාන පූර්ව තරඟ පරාජය වන කණ්ඩායම් දෙකට එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 4 (රු.ලක්ෂ 800) ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.

සුපිරි කණ්ඩායම් 12 රටේ සෑම තරගයක්ම ජයග්‍රහණය කරන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 40,000 ක්ද (රු.ලක්ෂ 80) ලැබෙනු ඇති.

ඒ අනුව ඒ වටයේ පැවැත්වෙන තරග 30 සඳහා වෙන් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 12ක්.(රු. ලක්ෂ 2400)

තරගාවලියේ අවසාන කණ්ඩායම් 8 සදහා සුදුසුකම් ලබන කණ්ඩායම් සඳහා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 70000ක් (රු. ලක්ෂ 140) ලැබීමට නියමිතයි.

මූලික වටයේ තරග

සුපිරි දොළහෙ වටේට කණ්ඩායම් හතරක් තෝරා ගැනීම සඳහා කණ්ඩායම් අටක් අතර අද (17) ආරම්භ වීමට නියමිත මූලික සුදුසුකම් ලැබීමේ වටයේ තරඟ සදහද ත්‍යාග මුදල් වෙන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමත් මෙම සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගි වන කණ්ඩායම් 8 ට ඇතුළත්.

එම වටයේ තරග 12ක් පැවැත්වීමට නියමිත අතර එහිදී තරගයක් ජයග්‍රහණය කරන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 40,000ක්
(රු.ලක්ෂ 80) ලැබෙනු ඇති.

ඊට අමතරව සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වන කණ්ඩායම 4ට එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 40,000 (රු. ලක්ෂ 80) බැගින් ලබා දීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 17 October 2021 09:44