May 13, 2024

20 - 20 ලෝක කුසලානයේ තැන වෙනස් කරයි

එළැඹෙන ඔක්තෝබර් 17 ඉන්දීයාවේදී ආරම්භවීමට නියමිතව තිබූ 20 - 20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙනයන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කොට තිබෙනවා.

වසංගත තත්ත්වයේ දරුණුකම

තරගාවලිය පැවැත්වීමේ හිමිකාරත්වය හිමිව තිබූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සවුරව් ගංගුලි සඳහන් කරන්නේ මේ වනවිට ඉන්දියාව මුහුණ දෙන තුන්වෙනි කොවිඩ් - 19 රැල්ල හේතුවෙන් තරඟාවලියෙන් පැවැත්වීම අවදානමක් බවයි.

20 - 20 ලෝක කුසලානය ආරම්භ වීමට දින දෙකකට පෙර එනම් ඔක්තෝම්බර් 15 වැනිදා වන විට අයි.පී.එල් තරගාවලියේ ඉතිරිව තිබෙන තරඟද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීම පවත්වා අවසන් කිරීමටද නියමිතයි.

20 - 20 ලෝක කුසලානය සඳහා රටවල් 16ක් සුදුසුකම් කරුණු ලබා තිබෙන අතර එම තරගාවලිය වට දෙකකින් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ කාණ්ඩයට

පළමු වටය සුපර් - 12 වටය සඳහා කණ්ඩායම හතරක් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන අතර ඉන්පසුව එම කණ්ඩායම්ද ඇතුළුව කාණ්ඩ දෙකක් යටතේ ප්‍රධාන තරගාවලිය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව  සුපර් -12 සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් තරග කිරීමේ කණ්ඩායම් ලයිස්තුවට ඇතුළත් වී තිබෙන අතර ශ්‍රී ලංකාව සමග සිටින කාණ්ඩයට අයර්ලන්තය , ඕමානය හා පැපුවා නිව් ගිනියා යන රටවල් ඇතුළත්ය.

එම කාණ්ඩයෙන් පළමු හා දෙවෙනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙක  සුපර් - 12 තරගාවලියට සුදුසුකම් ලබනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 June 2021 15:28