May 13, 2024

විස්සයි 20ට දිරිදෙන "අපේ කොල්ලෝ" ගීතය එළිදැක්වෙයි

විස්සයි20 ලෝක කුසලානයට ඇත්තේ තව දින කිහිපයයි. මේ මස 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා පිලේ පළමු තරඟය18 වැනිදා නැමීබියාව සමඟින් ආරම්භ වෙනවා.

20 වැනිදා අයර්ලන්තය සමඟත්, 22 වැනිදා නෙදර්ලන්තය සමඟත් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය යටතේ තරඟ වැදීමට නියමිතයි.

මීට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමේ ගීතයක් ‘අපේ කොල්ලෝ’ නමින් පසුගියදා එළි දැක්වුණා. ඩයලොග් ආසිආටා සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව මෙම නිර්මාණ කාර්‍යයට දිරිදී තිබෙනවා

මෙරට ජනප්‍රිය ගායන තරු සහ ඩයලොග් සන්නාම තානාපතිවරු වන භාතිය, සන්තුෂ්, උමාරියා, යොහානි, සංඛ, සජිත, සනුක, සෙනාලි, මාධුවී සහ ආරාධිත ශිල්පියකු වන රෝයි ජැක්සන් මේ ගීතය වෙනුවෙන් ගායනයෙන් දායක වූ පිරිසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත ශ්‍රී ලාංකියන්ගේ සුභාශිංසන පිරිනැමෙන සේ ඔවුනට සහයෝගය දක්වනු පිණිස නිර්මාණය වූ මේ ගීතයේ පද රචනය කරන ලැබුවේ Triad විසිනි.

 

 

Rate this item
(0 votes)