May 13, 2024

ඇෆ්ගනිස්ථානයටත් තැනක් තියෙන ශ්‍රී ලංකාව කැපී ගිය ලෝක කුසලාන ගීතය (VIDEO)

September 24, 2021

ක්‍රිකට් ක්‍රීඩාවේ උද්වේගකර බව හොඳින්ම තිබෙන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට තව ඇත්තේ මාසයකට අඩු කාලයක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමානය මූලික කරගෙන ඔක්තොම්බර් මස 17 වැනිදා සිට නොවැම්බර් මස 14 වෙනිදා දක්වා පුරා මාසයකට ආසන්න කාලයක් විස්සයි විස්ස තරඟ කණ්ඩායම් 16ක් සමඟ මෙවර තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඊයේ (2ෙ3) දිනයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.

ඉන්දියානු සංගීත නිර්මාණ ශිල්පියෙකු වන අමිත් ත්‍රිවේදී විසින් මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.

සෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට නිල තේමා ගීතය ස්ථානයක් හිමි වුණත් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම නිල තේමා ගීතයට සම්බන්ධ කරගෙන තිබුණේ නැහැ.

මෙවර නිල ගීතය වැඩිම අවධානයක් ලබාදී තිබුණේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර කොදෙව්, ඇෆ්ගනිස්ථානය යන රටවල් 04 සඳහායි.

නිල තේමා ගීතය පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Friday, 24 September 2021 17:11