May 04, 2024

ශ්‍රී ලංකාව සහ පැපුවා නිව්ගිනියා පුහුණු තරඟය අද

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවැනි සහ අවසන් පුහුණු තරඟය අද (14) පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමඟින් අබුඩාබියේ ටොලේරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.30ට ආරම්භ වීමට නියමිතයි.

අන්තර්ජාතික තරඟයකදී දෙපිල එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙයයි. මේ අවස්තාව කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වන අතර ලෝක කුසලාන තරඟාවලිය සඳහා කණ්ඩායමේ සංයුතිය සකසා ගැනීමට මෙය තවත් අවස්ථාවක් ලෙස යොදාගත හැකි වෙනවා.

මෙවර තරඟාවලියේ සුපිරි 12 අතරට එක් වීමේ පළමු වටයේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරඟ වදින අතර, පැපුවා නිව්ගිනියාව තරඟ බිමට පිවිසෙන්නේ ‘බී’ කාණ්ඩයෙනි.

පැපුවා නිව්ගිනියා කණ්ඩායමේ නායකත්වය අසාද් වාලාගේ ට හිමිවී තිබෙනවා. අයර්ලන්තය සමඟ පැවැති පළමු පුහුණු තරඟය ඔවුන් කඩුලු 8කින් පරාජයට පත් වුණා.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 10:29